අපගේ දැක්ම.

රජයේ ඉඩම් නිසි කළමණාකරණය තුලින් දිවයිනේ විශිෂ්ඨතම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව බවට පත්වීම

අපගේ මෙහෙවර.

තිරසර සංවර්ධනය උදෙසා රජයේ ඉඩම් ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම, නිරවුල් කිරීම, බැහැර කිරීම හා ආදායම් රැස් කිරීම තුලින් දකුණේ ජනතාවගේ ජීවන තත්ත්වය හා ආර්ථිකය නංවාලීමට දායක වීම

ආයතනයේ විශේෂත්වය

​මතු පරපුරේ ඉඩම් අයිතීන් ආරක්ෂා කරමින් හා සංවර්ධනය කරමින් ඉඩමෙන් ප්‍රශස්ත ඵල නෙලන දකුණු පළාත​ක් යන දැක්ම සහිත අපගේ ආයතනය ඔබට අවශ්‍ය ඕනෑම සේවාවක් සැනින් ලබාදීමට කැමැත්තෙමු.

ෆේස්බුක් පිටුව

දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්ත්මේන්තුවේ නවතම ව්‍යාපෘති

පිවිසෙන්න

නවතම පුවත්

ONLINE FILES TRACKING & MANAGEMENT SYSTEM
අප දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන " IRIS Project "යටතේ 2025 වර්ෂය සඳහා "ONLINE FILES TRACKING & MANAGEMENT SYSTEM" හඳුන්වා දෙනු ලබන්නේ ඉතාමත් සතුටිනි. මෙහිදී පළමු අදියර යටතේ දීර්ඝකාලීන බදුකර සකස් කරනු ලබන ගොනු සඳහා මෙම system එක සහය දක්වනු ලැබේ. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම පද්ධතිය තුළ අංක 1000 ක් වෙන්කරනුු ලැබේ. (1000-50000) දීර්ඝ කාලීන බදුකරයක් සකස් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකදී ගොනුවක් විවෘත කිරීමේදී ලබා දී ඇති අංක 1000 න් එක් අංකයක් (Job number) එක් ගොනුවකට ලබා දෙනු ලැබේ. එම අංකය අප දෙපාර්තමේන්තුවේ වට්සැප් අංකය ( 0717439675 ) වෙත. වට්සැප් මැසේජ් එකක් ලෙස යොමු කිරීමෙන් අදාල ගොනුව පිළිබඳ තොරතුරු ස්වයංක්‍රීයව එසැනින් වට්සැප් මැසේජ් එකක් ලෙසම නැවත ලැබෙනු ඇත. ගොනුව විවෘත කළ දින සිට බඳුකරය ලැබෙන අවස්ථාව තෙක් සියලු පියවරයන් බදුකරු හට මෙන්ම සියලු නිලධාරීන්ට ද නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත. මෙමගින් දීර්ඝ කාලීන බදුකර සකස් කිරීමේ ක්‍රියාවලිය ඉතා කාර්යක්ෂම හා කඩිනම් කිරීම තුළින් රජයේ ඉඩම් බදු ආදායම ඉහළ නැංවීමට බලාපොරොත්තුවේ.
IRIS PROJECT 2025
මෙම ව්‍යාපෘතිය යටතේ අප දෙපාර්තමේන්තුව 2025 වසරේ සිට Online Fill Tracking And Management System හඳුන්වා දෙන ලදී. මෙමගින් දීර්ඝ කාලින බදුකරයක් සකස් කිරීමට අවශ්‍ය තොරතුරු ප්‍රාදේශීය ලේකම් වෙත බාරදුන් දින සිට එය ඉඩම් කොමසාරිස් කාර්යාලය වෙත ලැබී, ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත අනුමැතියට යවන තෙක් ක්‍රියාවලිය අප දෙපාර්තමේන්තුවේ what App අංකයට (+94717439675) බදු අංකය (Job Number) කෙටි පණිවිඩයක් මගින් යොමුකර අදාළ ගොනුවේ සජීවී විස්තර බලාගත හැකිවේ. What App Link : https://wa.me/qr/UGQK5ASRIMV7G1
පළාත් ඉඩම් කොමසාරිස් තුමාගේ පොත් එළිදැක්වීමේ උත්සවය
දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතාගේ පොත් දෙකක් එළිදැක්වීම 2025/03/02 දින මතර නුපේ ස.ණ.ස උත්සව ශාලාවේදී පැවැත්වුණි. එහිදී දකුණේ ඉඩම් කොමසාරිස් රාජකාරි අත්දැකීම් හා ඉඩම් කතා යන පොත සහ සිතුවිලි හා මනස්ගාත නම් වූ කවි පොත එළිදක්වන ලදී.
සියවස් ගණනක අදිසි යදම් - උරුමය ගීතය
උරුමය වැඩසටහන මගින් නිදහස් දීමනාපත්‍ර ලබාගැනීමට ජනතාව තුළ උද්‍යෝගයක් ඇති කරනු පිණිස දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කළ "සියවස් ගණනක අදිසි යදම්" ගීතය ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් වල ප්‍රචාරය කරන්න.https://drive.google.com/drive/folders/1aMShPiCzqekGPF81atXIebR3v3DPPnKi?usp=sharing
IRIS ව්‍යාපෘතියේ පියවරක් ලෙස WhatsApp නාලිකාව දියත් කිරීම
දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ WhatsApp නාලිකාව 2024.06.05 දින නිල වශයෙන් ආරම්භ කරන ලදී. මෙම නාලිකාවේ Followers ලෙස සමස්ත දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල මාණ්ඩලික නිලධාරීන්, ඉඩම් අංශ වල නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන්, ඉඩම් ආශ්‍රිත රාඅකාරි සඳහා පාර්ශ්වකාර ආයතන වන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ, තක්සේරු දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා වෙනත් දෙපාර්තමේන්තු වල නිලධාරීන් මෙන්ම සමස්ත දකුණු පළාතේ සේවා ලාභී මහ ජනතාව සම්බන්ධ කර ගැනීම අභිලාෂය වේ. 2024 වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබනIRIS ව්‍යාපෘතියේ පියවරක් ලෙස මෙය දියත් කරන ලදී. https://whatsapp.com/channel/0029VaHpmOG3LdQUXbJvqf2J
උරුමය වැඩසටහන යටතේ ලියාපදිංචි වීම
උරුමය වැඩසටහන යටතේ ඔබ වෙත නිකුත් කර ඇති දීමනාපත්‍ර හා බලපත්‍ර රජයට භාර දී නිදහස් දීමනාපත්‍ර (සින්නක්කර ඔප්පු) ලබා ගත හැක. මේ සඳහා ඔබ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවත්වනු ලබන ජංගම සේවා මධ්‍යස්ථාන වෙත ඔබගේ දීමනාපත්‍රය/ බලපත්‍රය, හැඳුනුම්පත හා එහි ඡායා පිටපත , දීමනාපත්‍ර ඉඩමක් නම් මාස 03ක් තුළ ලබාගත් පත්තිරුව ලබා දීමට කටයුතු කරන්න. මේ සඳහා ලියාපදිංචි වීමට පහත link එක භාවිතා කර ලැබෙන පෝරමය පුරවා එවන්න. (submit button click කරන්න) https://forms.gle/Z61ZAHDSSyoGxfWd9

සම්බන්ධ වන්න අප සමග

වඩා කාර්යක්​ෂම සේවාවක් සඳහා ඔබේ ගැටලු, යෝජනා හා චෝදනා සදහා අප විවෘතයි. දුරකතන මාර්ග, විද්‍යුත් තැපැල් හෝ පහත පෝරමය මගින් ඔබට අප හා සම්බන්ධ විය හැකිය.
​දුරකතන
+94 912 234 266
විද්‍යුත් තැපැල්
[email protected]
"/>