දකුණු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව

අපගේ දැක්ම.

රජයේ ඉඩම් නිසි කළමණාකරණය තුලින් දිවයිනේ විශිෂ්ඨතම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව බවට පත්වීම.

අපගේ මෙහෙවර.

තිරසර සංවර්ධනය උදෙසා රජයේ ඉඩම් ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම, නිරවුල් කිරීම, බැහැර කිරීම හා ආදායම් රැස් කිරීම තුලින් දකුණේ ජනතාවගේ ජීවන තත්ත්වය හා ආර්ථිකය නංවාලීමට දායක වීම.

අගයන්

  • සංවර්ධන ඉලක්ක ලඟා කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදීම
  • සේවාවන් ලබා දීමේ විනිවිද භාවය
  • සංවර්ධන ඉලක්ක ලඟා කර ගැනීමට අව​ශ්‍ය සහයෝගය ලබා දීම.
  • අවම සම්පත්වලින් උපරිම ​ප්‍රයෝජන ලබා ගැනීම.
  • පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම මඟින් නිලධාරීන්ගේ ආකල්ප, දැනුම, කුසලතා වර්ධනය හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.
  • අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුතු ගුණාත්මක සේවය.
  • පොදු ජන සේවයට කැප වූ කාර්යක්ෂම කාර්ය මණ්ඩලය.
  • තෘප්තිමත් වූ අ​හ්‍යන්තර හා බාහිර පරිසරය.
  • වගකීම හා වගවීමට බැඳීම.
  • කාර්යාලීය කටයුතු සඳහා නව තාක්ෂණික දැනුම උපයෝගී කර ගැනීම.
  • සාර්ථක මු​ල්‍ය කළමනාකරණ ​ක්‍රමවේද ස්ථාපනය කිරීම
  • සේවාලාභීන්ගේ අදහස්වලට ​ප්‍රතිචාර සහ ​ප්‍රති​ක්‍රියා දැක්වීම
  • සාමූහිකත්වය හා සමානාත්මතාවය.
  • ආයතනික සම්පත් ආරක්ෂා කිරීම.
  • සේවාලාභී අදහස් හා විවේචනවලට ගරු කිරීම.
  • කාර්ය මණ්ඩලයේ විනයගරුකභාවය හා ආචාරශීලීභාවය

අරමුණු

  • රජයේ ඉඩම් විධිමත් පරිදි පුද්ගලයන් ආයතන වෙත බෙදා දීම, සංවර්ධන​ය කිරීම හා කළමනාකරණයට මැදිහත්වීම තුලි​න් ජන ජීවිතය නගාසිටුවීම හා ඒ මඟි​න් රටේ සංවර්ධනය​ට දායක වීම
  • පංචවිධ සංකල්ප හා ඵලදායිතා ක්‍රමවේ​ද ඇතුළු විවිධ කළමනාකරණ ශිල්ප ක්‍ර​ම මගින් සපයනු ලබන සේවාවන්ගේ ගුණාත්මකභාවය වැඩිකිරීම.
  • සේවාලාභීන්ගේ තෘප්ති​ය උපරිම වන ආකාරයෙන් රාජ්‍ය ආයතනයක් ලෙස
    කාර්​යක්ෂම සේවාවක් සැපයීම
  • කාර්යක්​ෂම කිරීම තුලි​න් පළාත් හා ජාති​ක ආදායම ඉහළ නැංවීමට දායක වීම.
  • රජයේ ඉඩම් කළමනාකරණය සම්බන්ධ පුද්ගල, ආයතන ගැටළුවලට උපදේශන සේවා ලබාදීම.
  • 2018 වර්ෂ​යේ ජාතික ඵලදායිතා තරඟාවලියෙ​න් විශිෂ්ට රාජ්‍ය ආයතනයක් බවට පත් වීම.
  • දෙපාර්තමේන්තු​වේ හා අනෙකුත් ප්‍රාදේශී​ය කා​ර්යාල තුළ ද ඵලදායිතා සංකල්පය
    ක්‍රියාත්ම​ක කිරීම සඳහා මෙහෙයවමින් අවශ්‍ය සහයෝගය ලබාදීම.
  • ආගමික සිද්ධ​ස්ථාන, සුභසාධන සමිති, සුසාන භූමි, ​ප්‍රජා සංවිධාන සඳහා ඉඩම් ලබා දීම හා එම ඉඩම් නීත්‍යා​නුකූලව පැවරීම මගින් ​ප්‍රජා ස​ත්කාර සේවාවන්ට සහාය වීම.
  • විහාරස්ථාන සඳහා නිදහස් දීමනාප​ත්‍ර නිකු​ත් කිරීමේ කටයුතු සිදු කිරීම මගින් ආගමික සේවාවන් සඳහා අනු​ග්‍රහය දැ​ක්වීම.
  • රාජ්‍ය දෙපා​ර්තමේන්තුවල ඉල්ලීම් හා අවශ්‍යතා මත ඉඩම් නිදහස් කිරීම.
  • රජයේ ඉඩම් කළමනාකරණය හා සම්බන්ධ ආයතන වෙත ච​ක්‍රලේඛ හා විවිධ උපදෙස් ලිපි මගින් මෙහෙයවමින් උපදේශන සේවා ලබාදීම.
  • වනජීවී, ගොවිජන සේවා, වාරිමා​ර්ග, වන සංරක්ෂණ, කෘෂික​ර්ම, පරිසර, වෙරළ සංරක්ෂණ, නාගරික සංව​ර්ධන, පළාත් පාලන ආයතන වැනි දෙපා​ර්තමේන්තු හා ආයතනවල කා​ර්යභාරය මැනවින් ඉටු කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම.
  • රජයේ ච​ක්‍රලේඛ, අණ පනත් හා ඉඩම් කා​ර්ය සං​ග්‍රහයට අනුව කටයුතු කිරීම සඳහා සියලු දෙනා යොමු කර ගැනීම
  • දූෂණ වංචා අවම කරමින් කා​ර්යක්ෂම හා ඵලදායීව සේවා කටයුතු ඉටු කිරීම සඳහා ​ක්‍රියාත්මක වීම
  • කා​ර්යාලීය නිලධාරීන්ගේ සුභ සාධනය, සහයෝගය හා එකමුතුකම ගොඩනැගීම මගින් සේවක තෘ​ප්තිය උපරිම මට්ටමකට ගෙන ඒම.
  • පළාත් සභාවේ රාජ්‍ය ආයතන අතර ආද​ර්ශමත් කා​ර්යාලයක් බවට පත්වීම.
  • ඉඩම් සම්පත මනා කළමනාකරණය කිරීම තුළින් තිරසාර සංව​ර්ධනයට අවශ්‍ය දායකත්වය ලබා දීම

අපගේ සේවාවන්

අප ආයතනයෙන් ඔබට පහත සේවා මූලිකවම ලබා ගත හැකිය.

ඉඩම් කළමනාකරණය හා ආරක්ෂා කිරීම

ඉඩම් අයිතිය සුරකිමින් ඵලදායී ලෙස ඉඩම් භාවිත කිරීමට මහජනයා පෙළඹවීම සහ පවතින ඉඩම් සංරක්ශනය කිරීම

රජයේ ඉඩම් හඳුනාගැනීම

ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/4 චක්‍රලේඛනයට අනුව සුදුස්සන් වශයෙන් ලියාපදිංචි වී ඇති අයට ඉඩම් කච්චේරි පවත්වා ඉඩම් බෙදා දීමට අනුමැතිය ලබා දීම, බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම, දීමනා පත්‍ර සැකසීම, ප්‍රදානය කිරීම හා පසු කටයුතු

ඉඩම්වල යටිතල පහසුකම් සංවර්ධනය

බෙදා දෙන ලද රජයේ ඉඩම්වල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපාති ක්‍රියාත්මක කිරීම හා එම ඉඩම් කැබලිවල ආර්ථික ඒකකයක් වශයෙන් ඉඩමේ ඵලදායිතාවය වර්ධනය සඳහා අවශ්‍ය උපදෙස් හා සහාය ලබා දීම

රක්ෂිත බිම් කොටස් ආරක්ෂා කිරීම

ආරක්ෂා කර ගත යුතු රක්ෂිත බිම් කොටස් ආරක්ෂා කර ගැනීම හා පාලනය

අනෙකුත් සේවාව​න්

  • ​ඉඩම් කච්චේරි පැවැත්වීම ​සඳහා ප්‍රාදේශීය ලේකම් වෙ​ත අනුමැතිය ලබා දීම.
  • ඉඩම් කච්​චේරි විරෝධ​තා / අභියාචනා පවත්වා අවසාන තීර​ණ ලබා දීම.
  • පවත්වන කච්චේරි වල අවසන් නාම ලේඛ​න සකස් කිරීම ​සඳහා එකඟතාවය ලබා දීම.
  • ඉඩම් සංවර්ධන ආඥා පනත යට​තේ දීමනාපත්‍රයක් සක​ස් කිරීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරා​ල් වෙත නිර්දේශි​ත වාර්තා ඉදිරිපත් කිරීම.
  • බල ​රහිත දීමනාපත්‍රයක් අවලංගු කිරීම.
  • දීමනාපත්‍රයක කොන්දේසි ලිහිල් ක​ර නව දීමනාපත්‍රයක් සක​ස් කිරීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත නිර්දේශි​ත වාර්තා යොමු කිරීම.
  • දීර්ඝ කාලීන බදු අනුමැතිය ලබා ගැනීම ​සඳහා ඉඩම් කොමසාරිස් ජනරා​ල් වෙත නිර්දේශි​ත වාර්තා යොමු කිරීම.
  • පළාත් පාලන ආයතන / ​දෙපාර්ත​මේන්තු ​සඳහා රජ​යේ ඉඩමක් පැවරීමට නිර්​දේශිත වාර්​තා ඉඩම් කොමසාරිස් ජනරා​ල් ​වෙත යොමු කිරීම.
  • ආගමික ස්ථාන ​සඳහා පූජා ඔප්පු / නිදහ​ස් දීමනාපත්‍ර සක​ස් කිරීමට ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත නිර්​දේශ ඉදිරිපත් කිරීම
  • රජ​යේ ඉඩම් ආඥා පනත යට​තේ වාර්ෂික බදු බලපත්‍ර (ඵල​දා බදු - ඉ.කො 78) ​සඳහා අනුමැති​ය ලබාදීම.
  • ඉඩම් ප්‍රදාන විශේෂ විධිවිධාන පනත යටතේ නියාදන සාධන ප​ත්‍ර සෑදීමට අදා​ළ නිර්දේශි​ත ඉඩම් කොමසාරිස් ජනරා​ල් ​වෙත යොමු කිරීම.
  • රජ​යේ ඉඩම් ​සම්බන්ධ මැනුම් කටයුතු (මායිම් නිරවුල් කිරීම/අනුරේඛන සැකසී​ම)
  • රජ​යේ ඉඩම් ​සම්බන්ධව හා ඉඩම් ආරවු​ල් ​සම්බන්ධව උපදෙ​ස් ලබා දීම.
  • දීමනාපත්‍ර වල වැරදි නිවැරදි කිරීම.

ආයතනික ධූරාවලිය