Toggle navigation
ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව - දකුණු පළාත
මුල් පිටුව
අප ගැන
පෞද්ගලික ලිපිගොනු
බාගත කිරීම්
  ▾
චක‍්‍රලේඛ හා පනත්
පොදු ආකෘති පත‍්‍ර
ඉඩම් ආකෘති පත‍්‍ර
වෙනත් ආකෘති පත‍්‍ර
උපාය මාර්ගික සැළැස්ම
ප‍්‍රකාශන
නිතර අසන පැන
සේයාරූ
විමසීම්
ඉඩම් ගැටලු
දීමනාපත‍්‍රයක උරුමය සාරෝපනය පළමු විවාහයටද? දෙවන විවාහයටද යන්න ගැටළුවක් වීම.
පසුබිම:
දීමනාපත‍්‍රය නිකුත් කරන අවස්ථාවේ දී බලාත්මකව පැවතියේ කට්ටිකරුගේ දෙවන විවාහයයි. එම විවාහයේ වැඩිමලා විසින් අයිතිය ඉල්ලා සිටී.
විසඳුම:
නීත්‍යානුකූල හෝ සිරිත් විවාහයක 3 වන උපලේඛන ගත නිසි උරුමකරු වෙත උරුමය සාරෝපනය වේ. එය ලේඛන වලින් සනාථ වීමද අවශ්‍ය වේ.
ඉ.සං.ආ.පනත යටතේ නිකුත් කර ඇති බලපත‍්‍ර ඉඩමකට ඇතුලු වන අනවසරකරුවකු සම්බන්ධයෙන් ප්රාදේශීය ලේකම් හට ගත හැකි ක‍්‍රියා මාර්ග මොනවාද? ඊට අදාළ ක‍්‍රමවේද පැහැදිලි කරන්න.
පසුබිම:
-
විසඳුම:
ඉ.සං.ආ. පනතේ 168 වගන්තිය යටතේ කටයුතු කිරීමට හැකියාව ඇත. ඊට අදාලව මහේස්ත‍්‍රාත් උසාවියේ දිවුරුම් ප‍්‍රකාශයක් මගින් වාර්තා කිරීම අවශ්‍ය වේ.
2008/4 යටතේ අනවසරකරුවන් වෙත ඔවුන් පදිංචි ඉඩම් සඳහා ස්ථිර බලපත‍්‍ර ලබා දීමට නොහැකි වීම. දැනට අනවසරකරුවන් ස්ථිර නිවාස තනා පදිංචිව සිටී.
පසුබිම:
මෙම අනවසරකරුවන් පදිංචි ඉඩම් මුල් කාලීන මැනුම්වල වගුරු බිමි ලෙස සඳහන් කර තිබීම
විසඳුම:
වර්තමාන ඉඩම් ස්වාභාවය අනුව ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුව ප‍්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව සමග දිස්ත‍්‍රික්ක ඉඩම් පරිහරණ කමිටුව දිස්ත‍්‍රික්ක කෘෂිකර්ම කමිටු නිර්දේශ මත මිනින්දෝරු සිතියම් සංශෝධනය සදහා අනුමැතිය ලබා ගැනීමට ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යොමු කිරීම.
2008/4 යටතේ අනවසරකරුවන් වෙත ඔවුන් පදිංචි ඉඩම් සඳහා ස්ථිර බලපත‍්‍ර ලබා දීමට නොහැකි වීම. දැනට අනවසරකරුවන් ස්ථිර නිවාස තනා පදිංචිව සිටී.
පසුබිම:
ම අනවසරකරුවන් පදිංචි ඉඩම් මුල් කාලීන මැනුම්වල වගුරු බිමි ලෙස සඳහන් කර තිබීම.
විසඳුම:
වර්තමාන ඉඩම් ස්වාභාවය අනුව ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුව ප‍්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව සමග දිස්ත‍්‍රික්ක ඉඩම් පරිහරණ කමිටුව දිස්ත‍්‍රික්ක කෘෂිකර්ම කමිටු නිර්දේශ මත මිනින්දෝරු සිතියම් සංශෝධනය සදහා අනුමැතිය ලබා ගැනීමට ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යොමු කිරීම.
බලපත‍්‍රයේ මුල් අයිතිය පැවරීමට නොහැකි වීම පිළිබඳ ගැටඑව.
පසුබිම:
උප්පැන්න සහතිකයේ පියාගේ නම නොමැති වීම නිසා ඥාතීත්වය තහවුරු කිරීමට නොහැකි වීම.
විසඳුම:
උප්පැන්න සහතිකය සංශෝධනය කර ගැනිම සදහා පුද්ගලයාට උපදෙස් ලබා දිම හෝ විවාහ සහතිකය, පාසල් හැර යාමේ සහතිකය, දරුවෙකුගේ උප්පැන්න සහතිකය වැනි විකල්ප සහතික පරීක්ෂා කර බැලීම.
දීර්ඝ කාලීන බදු ඉඩමක දීර්ඝ කාලීන බදුකරුට එම ඉඩම සඳහා පසු උරුමයක් නම් කල හැකිද? හැකි නම් එම ක‍්‍රමවේදය කුමක්ද?
පසුබිම:
-
විසඳුම:
රජයේ ඉඩම් ආඥා පනත යටතේ නිකුත්වන දීර්ඝකාලීන බදුකරයක් සදහා පසු උරුමයක් නම් කිරීමේ හැකියාව නොමැත.
බලපත‍්‍ර වල උරුමය පවරන අවස්ථාවේදී ඉඩම් නියෝග 131,152 ට අදාළව කටයුතු නොකර එම බලපත්‍රයේම හා ලෙජරයේ අදාළ මුල් අයිතිය පැවරීම සටහන් කිරීම සඳහා මුලින් පැවති මුල් අයිතිය තනි ඉරකින් කපා සටහන් කර ඇත. මෙය නීත්‍යානුකූලද?
පසුබිම:
-
විසඳුම:
මෙහි නීත්‍යානුකූලභාවය පිළිබද ගැටලූවක් ඇත. නමුත් රාජ්‍ය නිලධාරියෙකු විසින් සිඳු කරන ලද වැරදි භාවිතයක් නිසා ක්ෂේත‍්‍රයේ ගැටලූ නොමැති නම් හා ඒ මත ඉඩම හා සම්බන්ධ පසු කටයුතු කර ඇති නම් අදාළ ඉදිරි කටයුතු කිරීම සහ ගැටලූ සහිත අවස්ථා වල ඉඩම් කොමසාරිස් උපදෙස් විමසීම.
බලපත්රකරු අතුරුදන්ව ඇත. ඔහුගේ එකම දියණිය ඉඩම බුුක්ති නොවිඳින අතර ඇය ඉඩමේ මුල් අයිතිය ඉල්ලා සිටී.
පසුබිම:
බලපත‍්‍ර කරුගේ සහෝදරිය බලපත‍්‍රකරුගේ බිරිඳට හා දියණියට ඉඩමට පිවිසීමට ඉඩ නොදෙයි. මරණය ලියාපදිංචි වී නොමැති නිසා අයිතිය ලබා දීමට නොහැක.
විසඳුම:
ගැටලූව සමථය කිරීම සදහා ඇති හැකියාව පරික්ෂා කිරීම සුදුසුය. කෙසේ වෙතත් පාර්ශව අතර එකඟතාවයක් ඇති නොවන්නේ නම් නිසි උරුමකරුට උරුමය සහතික කිරීමට අදාල කටයුතු කිරීම සුදුසු වේ.
පැරණි ඉ.සං.ආ. බලපත්‍රවල බලපත්රකරුගේ අත්සන යොදා නොතිබීම නිසා දීමනාපත‍්‍ර සැකසීමේ දී ගැටළු මතු වීම.
පසුබිම:
දීමනාපත‍්‍ර සකස් කිරීමේ දි ප‍්‍රතික්ෂේප වීම.
විසඳුම:
ඉ.සං.ආ. අත්සන වැදගත් වුවද එය ප‍්‍රධානය කිරීමේදී ඒ පිළිබදව නිසි අවධානයකින් කටයුතු කර නොමැති බැවින් වර්තමානයේ හෝ අත්සන ලබා ගැනීම හෝ නිරවුල් බුක්තිය පදනම් කර දීමනාපත‍්‍ර කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කිරීම.
ස්ථිර බලපත‍්‍ර ලබා දී ඇති ඉඩමවල කළුගල් තිබීම හේතුවෙන් වගා කිරීමට නොහැකි වීම නිසා ගල් කොරි පවත්වා ගෙන යාමට අවසර ඉල්ලීම
පසුබිම:
ස්ථිර බලපත‍්‍රයේ කොන්දේසිවලට අනුව කළුගල් කැඞීමට අවසර ලබා දීමට හැකියාවක් තිබේද යන්න ගැටළුවක් වීම
විසඳුම:
කළුගලක් සහිත සංවර්ධනය කළ නොහැකි ඉඩමකට ස්ථීර බලපත‍්‍ර නිකුත් කිරීම ගැටලූවකි. එම නිසා ගල සහිත ඉඩම් කොටස බලපත‍්‍රයෙන් ඉවත් වන පරිදි බලපත්‍රකරුගේ ද කැමැත්ත මත බලපත‍්‍රය සංශෝධනය කර එම කොටස සදහා වාර්ෂික බලපත‍්‍රයක් නිකුත් කිරීම.
බලපත්රකරු මියයාමෙන් පසු ඉඩමේ අයිතිය සාරෝපනය වීම.
පසුබිම:
මෙම අවස්ථාවේ ජීවිත භුක්තිකරු වෙත මුල් අයිතිය ලබා දී ඇත. ඉන් අනතුරුව එම මුල් අයිතිකරු ජීවත්ව සිටිය දී ම පසු උරුමකරු වෙත මුල් අයිතිය සහතික කිරීම සිදුව ඇත.
විසඳුම:
ජිවිත භුක්තිකරුවෙකු වෙත මුල් අයිතිය සහතික කිරීම නිවැරදි නොවන අතර ඒ වන විට එම අය කර ඇති පසු උරුමය නම් කිරීම නිත්‍යානුකූල නොවේ.
අනවසරයෙන් බුක්ති විඳින රජයේ ඉඩම් වල පුද්ගලයන් වෙත බෙදා දෙන බිම් ප‍්‍රමාණය තීරණය කිරීම හා තෝරා ගන්නා පදනම තීරණය කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු මොනවාද?
පසුබිම:
-
විසඳුම:
ප‍්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුව තුල ඉඩම් බෙදා දීමට අදාළ සියලු ආයතන සම්බන්ධ වෙමින් පළාත් පාලන ආයතන අවම සීමා පිළිබඳ ඇති ප්‍රමාණයන් ද සැලකිල්ලට ගෙන තීරණ ගැනිම සුදුසුය
බලපත‍්‍රයක ඉඩමක හෝ ඉන් කොටසක් වෙනත් අයකුට පැවරීමේ දී කටයුතු කලයුතු පනතේ වගන්ති හා නියෝග හා මුල් බලපත‍්‍රය අවලංගු කලයුතු ක‍්‍රමවේදය කුමක්ද?
පසුබිම:
-
විසඳුම:
ඉඩම් පනතේ 131 වගන්තියට අනුව බලපත‍්‍රකරුට තමන් ජීවත්ව සිටියදි තම උපලේඛන ගත ලේ ඥාතියෙකුට ඉඩම් කොටසක මුල් උරුමය ලබා දීමට අවශ්‍ය නම් එම කොටස රජයට භාර ගෙන බලපත‍්‍රයේ හා ලෙජරය තුල ඊට අදාළ විධිමත් සටහනක් තබා ඥාතිත්වය තහවුරු කරන ලේඛන සමග ඉදිරිපත් කිරීමත් විශේෂ අනුමැතියක් ලබා ගත හැකිය.
බලපත‍්‍රයක කොන්දේසි කඩ කිරීම මත එම බලපත‍්‍රය අවලංගු කිරීමේදී බලපත්රකරු හෝ නියෝජිතයකු ඉදිරිපත් වී කරුණු දැක් වූ පසු එම බලපත‍්‍රය අවලංගු කල යුතු පනතේ වගන්තිය හා එහි අවධානය යොමු කල යුතු කරුණු මොනවාද?
පසුබිම:
-
විසඳුම:
බලපත‍්‍රයක කොන්දේසි කඩ කිරිම මත 106 වගන්තිය යටතේ පරීක්ෂණයට බලපත‍්‍රකරු හෝ නියෝජිතයෙකු කරුණු දක්වමින් අවලංගු කිරීමට අභියාචනයක් කරයි නම් හා ඒ පිළිබදව පරීක්ෂණ බලධාරියා සෑහීමකට පත් නොවේ නම් 110 වගන්තිය යටතේ අවලංගු කිරීමේ නිවේදනය නිකුත් කළ හැකිය.
බලපත්රකරු/දීමනාපත්රකරු අවිවාහකව සිට මියගොස් ඇත. මෙම ඉඩමේ පසු උරුමයන්ද නම් කර නැත. බලපත්රකරු/දීමනාපත‍්‍රකරුට පෙර ඔහුගේ මව/පියා/සහෝදර සහෝදරියන් මියගොස් ඇත. එවිට මෙම ඉඩමේ අයිතිය සාරෝපනය වන්නේ කාටද? කෙසේද?
පසුබිම:
සහෝදර සහෝදරියන් ජීවත් ව සිටී.
විසඳුම:
බලපත්රකරු / දීමනාපත්රකරු මිය ගිය පසුව ජීවත්ව සිටින ඉඩම් සංවර්ධන ආඥා පනතේ දැක්වෙන 3 වන උපලේඛනගත නිසි උරුමකරු වෙත ඉඩමේ උරුමය සාරෝපනය වේ.
බලපත්රයකරු/දීමනාපත්රකරු මිය යාමට පෙර මිය ගිය දරුවකුට හෝ එම පවුලේ අයට එම ඉඩමේ අයිතිය පනතෙහි 72 වගන්තිය අනුව සාරෝපනය වීමක් සිදුවන අවස්ථා පවතීද?
පසුබිම:
-
විසඳුම:
බලපත්රකරු/දීමනාපත්රකරු මිය යාමට ප‍්‍රථම මියගිය දරුවෙකුට හෝ එම පවුලේ අයට උරුමය සාරෝපනයක් සිදු නොවේ.
මධ්‍යම පාන්තික ඉඩම් සඳහා දීමනාපත‍්‍ර සැකසීමේ දි තක්සේරු මුදල් අයකර ගැනිමේ ක‍්‍රමවේදය පැහැදිලි කරන්න.
පසුබිම:
මධ්‍යම පාන්තික බලපත‍්‍ර ඉඩමක කොටසක් මධ්‍යම පාන්තික වැඩසටහනින් ඉවත් කර අවලංගු කිරීම හා නවන් කොටසක් අක්කර 05 ට වඩා වැඩියෙන් ඉතිරි වන පරිදි කොටස් කරන අවස්ථාවක එම කොටස සඳහා නව දීමනාපත‍්‍ර සැකසීමේ දී තක්සේරු මුදල් අයකර ගැනීම.
විසඳුම:
ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කර ඇති 2014/8 මත තක්සේරු මුදල් අය කළ යුතුය. එහිදි 1990 මත පදනම්ව හෝ ඊට පසුව සිදුව ඇති පැවරීමක් ඇත්නම් එම වර්ෂය පදනම් කර තක්සේරු මුදල් අය කළ යුතුය.
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දී ඇති දීමනාපත‍්‍ර ඉඩමක කට්ටිකරු මියයාමෙන් පසු මුල් අයිතිය ලබා දිය යුත්තේ කෙසේද?
පසුබිම:
දීමනාපත‍්‍රකරු හා කලත‍්‍රයා මියගොස් ඇත. පසු උරුමය නම්කර නැත.වැඩිමල් පුතා අවිවාහකව දීමනාපත‍්‍රකරුට පසු මියගොස් ඇත. දෙවන පුතා විවාහකයි. දරුවන් සිටී. ඔහු හා කලත‍්‍රයා ද දීමනාපත‍්‍රකරුට පසු මියගොස්ය. තුන්වන පුතා ජීවතුන් අතර සිටී. ඔහු ඉඩමේ අයිතිය ඉල්ලා සිටී.
විසඳුම:
ඉඩම් සංවර්ධන ආඥා පනත අනුව පසු උරුමය නම් කර නොමැති අවස්ථා වල දීමනාපත‍්‍රකරුගේ මරණයෙන් පසු ජීවත්ව සිටින 3 වන උපලේඛන ගත නිසි උරුමකරු වෙත ඉඩමට අදාල නීත්‍යානුකූල උරුමය සාරෝපනය වේ. එම අය ඉඩම භුක්ති නොවීදී නම් උරුමකරු හා භුක්තිකරු අතර එකඟතාවයක් / සමථයක් ඇති කිරීමට උත්සහ කිරීම සුදුසු වේ.
අන්තිම කැමති පත්‍රයකින් ලියා ඇති දීමනාපත‍්‍ර ඉඩමක අයිතිය සාරෝපනය වන්නේ කෙසේද?
පසුබිම:
මාස තුනක් ඇතුලත අන්තිම කැමති පත‍්‍රය ලියාපදිංචි කළ වුවත් ලියාපදිංචි කර ඇත්තේ කට්ටිකරු මියගොස් මාස 06 කට පසුවයි.
විසඳුම:
අන්තිම කැමති පත‍්‍රය ඉ.සං.ආ.පනත අනුව දීමනාපත‍්‍රකරු මිය ගොස් මාස 03 ක් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය තුළ ලියාපදිංචි කර තිබිය යුතුවේ. එහිදී අධිකරණ ක‍්‍රියාවලින් වලට ගතවන කාලය නිසා මාස 03 ක් තුළ අධිකරණයට ඉල්ලීම යොමු වන්නේද යන්න සලකා බැලිම ප‍්‍රමාණවත්ය. එවැනි නම් කිරිමක් බලාත්මක කිරීමට නම් එහි නම් කිරීම 3 වන උපලේඛන ගත ඥාතිත්වය මත සිදුවීම මෙන්ම අවසන් වරට කර ඇති පසු උරුමය නම් කිරීමට පසුව එය සිදුව තිබීම මෙන්ම එය පිළිබද අන්තිම කැමති පත‍්‍රය තුළ සදහන්ව තිබීම අවශ්‍යතාවයකි.
දීමනාපත‍්‍ර ඉඩමෙහි කට්ටිකරු හා කාලත්‍රයා මියගොස් ඇත. ඔහුට පුතකු හා දියණියන් තිදෙනෙකු ඇත. හදාගත් පුතකු කුඩා කල සිට ඉඩමේ පදිංචිව සිටී.ඔහු ඉඩමේ අයිතිය ඉල්ලා සිටී. හදාගත් පුතා කුලවද්දා ගැනීමක් සිදුකර නොමැත.
පසුබිම:
පුතා මුහුදු ගොස් අතුරුදන්ව ඇත. පසු උරුමකරු ද අවිවාහකව මිය ගොස් ඇත. අනෙකුත් දියණියන් ද විවාහකව වෙනත් ප‍්‍රදේශවල පදිංචිව සිටී.
විසඳුම:
කුලවද්දා ගැනිම සිදුනොවූ දරුවෙකු වෙත ඉඩමේ අයිතිය සාරෝපණය නොවේ. ඒ අනුව පනත යටතේ නිසි උරුමකරු වෙත උරුමය සාරෝපණය වි ඇති බැවින් ඔහු මගින් සමථයක් / එකඟතාවයක් ඇති කර ගැනීමට උත්සහ කිරීම සුදුසුය.
උරුමකරු වෙත සාරෝපිත අයිතිය ප්රාදේශීය ලේකම් වෙතින් සහතික කර ගත් පසු බුුක්ති විඳින අය වෙත ඉඩමේ අයිතිය පැවරීම සඳහා සහතික කරන ලද අයිතිකරු ඉදිරිපත් නොවීම.
පසුබිම:
උරුමකරු මුල් අයිතිය ලබා ගැනීමෙන් පසු බුුක්ති විඳින අය වෙත අයිතිය බැහැර කිරීමේ පදනම මත මුල් උරුමය සහතික කර ඇතත් ඔහු ඒ සඳහා අවශ්‍ය ප‍්‍රකාශ ලබාදීම හා නොතාරිස් ඔප්පු අත්සන් කිරීමට ඉදිරිපත් නොවීම.
විසඳුම:
උරුමකරු වෙත සාරෝපිත අයිතිය සහතික කිරිමට ප‍්‍රථම ඉඩම බුුක්ති විදින පාර්ශව කිහිපයක් වේ නම් හා නිසි උරුමකරුගේ කැමැත්ත පදනම් කර ඉඩම මිනින්දෝරුවකු මගින් මැනුම් කර වැට මායිම් සකස් කර ගැනීමෙන් පසු අදාළ උරුමය සහතික කිරීම සුදුසුය.
ජයභූමි දීමනාපත්‍රවල දීමනාපත‍්‍රයේ ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක් භුක්ති විඳින බැවන් එම ප්රමාණය ද දීමනාපත‍්‍රයට ඇතුලත් කරන ලෙස ඉල්ලීම් ලැබීම.
පසුබිම:
මැනුම් නොකර ස්වභාවික හතර මායිම් මත දීමනාපත‍්‍ර නිකුත් කිරීම කර ඇතත් පුද්ගලයා ඊට වඩා වැඩිපුර ප‍්‍රමාණයක් භුක්ති විඳීම.
විසඳුම:
ජයභුමි දීමනාපත‍්‍රය නිකුත් කළ බිම් ප‍්‍රමාණයේ සිදුව ඇති වරදක් වැරදි නිවැරදි කිරීම් යටතේ නිවැරදි කළ නොහැකිය. නිවැරදි බිම් ප‍්‍රමාණයට සතර මායිම් සංශෝධනය කර වැඩිපුර ඇති බිම් ප‍්‍රමාණයට ඉ.කො.ජ. 2008/4 යටතේ කටයුතු කිරීම අවශ්‍ය වේ. කෙසේ වෙතත් ඉඩමට අදාළ මිනින්දෝරු දෙපාර්තමේන්තු මැනුමක් තිබියදී එය නොසලකා අඩු ප‍්‍රමාණයකට ජයභූමි දිමනාපත‍්‍රය නිකුත් කර ඇත්නම් එවැනි විටක වැඩිපුර පවතින ප්‍රමාණය සඳහා 20 අ වගන්තිය යටතේ විශේෂ අනුමැතිය ලබා දීම සලකා බැලිය හැකිය.
ලෙජරයේ සහ ඒ අතරින් ජායා පිටපත් සහිත ලෙජර් පිටපතේ දෙයාකාරයකට මුල් අයිතිය සටහන් වී තිබීම.
පසුබිම:
දීමනාපත‍්‍රකාරිණිය හා මුණුබුරා අතර ඉඩම බෙදා ගැනීම සම්බණ්ධයෙන් එක`ගතාවයක් නොමැතිවීම.
විසඳුම:
මුල් ලෙජරය තුළ එහි සටහන් ව නොමැති ලෙජර් පිටපතේ ඇතුළත් තොරතුරු විධිමත් පරිදි ඇතුළත් කර ඊට අදාළ සටහනක්ද තබා විධිමත්ව සහතික කිරීමට කටයුතු කිරිම හා මුල් ලෙජරය නිවැරදිව නඩත්තු කිරීමට කටයුතු කිරීම පිලිබදව සලකා ලෙජර් ඡායා පිටපත් ගොනුව තවදුරටත් නඩත්තු කරන්නේද යන්න තීරණය කිරීම සුදුසුය.
දීමනාපත්රකරු විසින් පසු උරුමයට නම් කරන ලද පත්තිරුව තුළ ඇතුලත් අනුප්‍රාප්තිය අවලංගු කිරීමට ඉල්ලා සිටී.
පසුබිම:
පසු අයිතිය අවලංගු කලහොත් ඉඩමේ පදිංචිව සිටින පසු අයිතිකරුට අසාධාරණයක් වීම.
විසඳුම:
ඉඩම් සංවර්ධන ආඥා පනත අනුව නම් කරන ලද පසු අයිතිය දීමනාපත‍්‍රකරු ජීවත්ව සිටියදී ඕනෑම අවස්ථාවක සංශෝධනය කිරීම සදහා ඔහුට අයිතිය ඇත. එම සංශෝධනය තුල යම් අපහසුතාවයක් නම් කර තිබූ අයට සිදුවේ නම් ඒ පිළිබදව කාර්යාල පරීක්ෂණයකදි පාර්ශව අතර සමථයක් ඇති කිරීමට උත්සහ කිරීම සුදුසු වේ.
අතුරු බෙදීම්වලට අවසර නොමැති දීමනාපත‍්‍රයක් නිකුත් වූ ඉඩමක් දෙදෙනෙකුට පවරන ලෙස අධිකරණය මගින් නියෝග කළ පසු ගතයුතු ක‍්‍රියාමාර්ග කුමක්ද?
පසුබිම:
අතුරු බෙදීම්වලට අවසර නොමැති දීමනාපත‍්‍ර ඉඩමක දීමනාපත‍්‍රකරු මියගොස් ඇත. බලපිටිය මහාධිකරණය මගින් ඉඩමක පිටස්තර බුක්ති විඳින්නකු වෙත ඉඩමක කොටසක් හා දීමනාපත‍්‍රකරුගේ පුතා වෙත ඉතිරි කොටස ලබා දීමට සමථ නියෝගය ඇති කරගෙන ඇත.
විසඳුම:
අධිකරණ තීන්දුව මත අදාල දීමනාපත‍්‍රය රජයට භාර ගෙන අවලංගු කර අතුරු බෙදීම් සදහා අවසරය සහිත බලපත‍්‍ර නිකුත් කර ගැටලූව විසදීමට හැකියාව පරික්ෂා කර බැලීම සුදුසුය. එසේ එකඟතාව නැත්නම් පාර්ෂවකරුවන්ට මෝසමක් මගින් නැවත අධිකරණයට කරුණු වාර්තා කර සුදුසු අධිකරණ තීන්දුවක් ලබා ගැනීමට උපදෙස් ලබා දීමට කටයුතු කළ යුතුය.
දීමනාපත‍්‍රයක් මත ලබාදුන් ඉඩමක් දීර්ඝ කාලීන භුක්තිය මත කාලාවරෝධයට අනුව භුක්තියට සවිවීම.
පසුබිම:
මේ සම්බන්ධයෙන් පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයේ නඩු තීන්දුවක් ද ඇත. නමුත් ඉ.සං.ආ.පනතේ 161 වගන්තිය අනුව එලෙස බුුක්තියට සවි නොවන බව දක්වා ඇත.
විසඳුම:
ඉඩම් සංවර්ධන ආඥා පනත තුල පසුකාලීනව සිදුව ඇති සංශෝධන මගින් දීමනාපත‍්‍රයක් නිකුත්ව ඇති ඉඩමක් සම්බන්ධ නීතිය බලාත්මක කර ඇති බවට සනාථ කර ඇත.නමුත් එය තීරණය වන්නේ අධිකරණ තීන්දු මත පමණි.
සිරගත වූ බලපත්රකරු/දීමනාපත‍්‍රකරුගේ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් ක‍්‍රියා කරන්නේ කෙසේද?
පසුබිම:
-
විසඳුම:
සිරගත වූ පුද්ගලයෙකුගේ ඉඩමේ අයිතිය අහෝසි වන බවට පනත තුළ සදහන් කර නොමැත. ඔහුගේ කැමැත්ත සුදුසු පරිදි ලබා ගෙන අදාල ඉදිරි කටයුතු කිරීම සුදුසු වේ.
මධ්‍යම පාන්තික ඉඩම් ප්රාදේශීය ලේකම් අවසරයකින් තොර ව නොතාරිස් ඔප්පු පැවරීම සිදු කර තිබීම හා ගොවි පන්තිකයන්ට ලබා දී ඇති දීමනාපත‍්‍ර ද ප්රාදේශීය ලේකම් අවසරයකින් තොර ව පවරා තිබීම.
පසුබිම:
ඉ.කො.ජනරාල්ගේ 5/3/ම.ප චක‍්‍රලේඛය, 2002.07.15 හා 2002/05 චක‍්‍රලේඛයන්ට පටහැනි වීම නිසා එම පැවරීම නීත්‍යානුකූල සේ සලකා කටයුතු කිරීම ගැටළුවක් වීම.
විසඳුම:
මධ්‍යම පාන්තික ඉඩම් සම්බන්ධව ඉඩම් කොමසාරිස් නිකුත් කරන ලද චක‍්‍රලේඛය පරිදි 2002 ප‍්‍රථම අවසරය නොමැති පැවරීම් ද නීත්‍යානුකූල ලෙස සැලකීමට හැකියාව ඇත. ඊට පසු මධ්‍යම පාන්තික ඉඩම් වලටත් සීමාවත් එමෙන්ම ගොවි පාන්තිකයන්ට නිකුත් කළ දිමනාපත‍්‍ර සදහා සෑම කාලයකදීම පැවරීම් කිරීමේදී ප‍්‍රාදේශීය ලේකම් අවසරය අනිවාර්යය වේ. එසේ අවසරය නොමැති පැවරීමක් නීත්‍යානුකූල නොවන අතර එවැන්නක් පත් ඉරුව තුල ලියාපදිංචි වි තිබිය නොහැකිය.
දීමනාපත්‍රවල පසු උරුමය නම් නොකර කට්ටිකරු මියගිය අවස්ථාවල බලපත‍්‍රයේ/ලෙජරයේ පසු උරුමය නම් කර ඇති විට ඒ අනුව අයිතිය ලබා දීමට හැකියාව තිබේ ද?
පසුබිම:
දීමනාපත‍්‍රයේ පසු උරුමය නම් කර නොමැති විට බලපත‍්‍ර අවස්ථාවේ පසු උරුමකරු ඉඩමේ අයිතිය ඉල්ලා සිටීම
විසඳුම:
දීමනාපත‍්‍රය අදාල පුද්ගලයා වෙත නියම වශයෙන් නොලැබුනු අවස්ථාවක එම දීමනාපත‍්‍රයට අදාලව බලපත‍්‍ර අවස්ථාවේ නම් කර ඇති පසු උරුමය බලාත්මක කිරීම නිවැරදි බවට අභියාචනාධිකරණ නඩු තීන්දුවක් පවතී. එවැනි ගැටලූ සහිත අවස්ථාවක ඉඩම් කොමසාරිස්ගේ උපදෙස් ලබා ගැනිම සුදුසුය.
දීමනාපත්රයකට ඇතුළත් ඉඩමක කොටසකට වෙනත් දීමනාපත‍්‍රයක් ලබා දී තිබීම.
පසුබිම:
දීමනාපත‍්‍ර ඉඩමක් මැනුම් කර කොටස් 03කට බෙදා ඇති අතර ඉන් එක් කොටසකට නැවත දීමනාපත‍්‍රයක් සැකසි ඇත.
විසඳුම:
අතිගරු ජනාධිපතිතුමාගේ අත්සනින් නිකුත්ව ඇති පළමු දීමනාපත‍්‍රය බලාත්මක වේ. එය නීත්‍යානුකූලව අවලංගු නොකර නිකුත්වන දෙවැනි අයිතිය ප‍්‍රකාශ කිරීමේ ලියවිල්ලක් නීත්‍යානුකූල නොවේ.
දීමනාපත‍්‍ර පසු අයිතිය නම් කිරීම සම්බන්ධව ඉදිරිපත්වන සෑම විරෝධතාවයක්ම සලකා බැලීම අවශ්‍ය වන්නේද?
පසුබිම:
කට්ටිකරුගේ සහෝදරියකගේ වැඩිමහල් පුතෙකු වෙත පසු අයිතිය නම් කිරීම කට්ටිකරුගේ සහෝදරයෙකුගේ පුතෙකුගේ විරෝධතාව හේතුවෙන් නතර කළ යුතුද?
විසඳුම:
දීමනාපත‍්‍රකරු පසු උරුමය නම් කිරීමකදී ඔහු නිවැරදි සිහි කල්පනාවෙන් එය සිදු කරන්නේද යන්න පිළිබද සෑහීමකට පත් වීම ප‍්‍රමාණවත් වේ. නමුත් එම නම් කිරීම තුල යම් පාර්ශවයක් විරෝධතාවයක් පල කරයි නම් එය සලකා බලා සමථයක් ඇති කිරීමට පරික්ෂා කර බැලිය හැකි වුවත් දීමනාපත‍්‍රකරුගේ කැමැත්තට එහිදී ප‍්‍රමුඛතාවය ලැබිය යුතුය.
එකම ඉඩමක් සඳහා (ග්‍රාන්ට්) දීමනාපත‍්‍රයක් හා ජයභූමි දීමනාපත‍්‍රයක් සකසා එම දෙකෙහි ම එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුට පසු උරුමය නම් කිරීම නිසා මතු වූ ගැටළුව.
පසුබිම:
එක් දීමනාපත‍්‍රයක් නිකුත් කර තිබිය දී එය අවලංගු නොකර තවත් දීමනාපත‍්‍රයක් නිකුත් කිරීම
විසඳුම:
මෙවැනි අවස්ථාවක ඉඩම සම්බන්ධව නිකුත්වූ මුල් ලේඛනය බලාත්මක වේ. එය අවලංගු නොකර නිකුත් වන දෙවැනි ලියවිල්ල නීතිය අනුව බල රහිත ලියවිල්ලකි.
මුල් අයිතිය පැවරීමේ දී වලංගු දීමනාපත‍්‍රය ලෙස සැලකිය යුත්තේ සෑම විටම පළමු දීමනා පත්‍රයද?
පසුබිම:
එක් දීමනාපත‍්‍රයක් නිකුත් කර තිබිය දී එය අවලංගු නොකර තවත් දීමනාපත‍්‍රයක් මුල් දීමනාපත‍්‍රකරු වෙත නිකුත් කිරීම.
විසඳුම:
එකම ඉඩම සදහා දීමනාපත‍්‍ර දෙකක් නිකුත්ව ඇති විටක සෑම විටම පළමු දීමනාපත‍්‍රය බලාත්මක අතර දෙවැනි ලියවිල්ල බලරහිත ලියවිල්ලකි.
දීමනාපත‍්‍ර මත බැහැර කරන ලද ඉඩම්වල සම්පේ‍්‍රෂණ කුළුණු ඉදිකර තිබීම සහ එමගින් රජයට ලැබිය යුතු ආදායම අහිමි වීම හා එම ඉඩම් කොටස රජයට භාරදීමට දීමනාපත්රකරු අකමැත්ත දැක්වීම.
පසුබිම:
මෙම ඉඩම් නේවාසික/කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දි ඇති බැවින් සම්පේ‍්‍රෂණ කුළුණු ඉදිකිරීම පනතේ අරමුණු හා නොගැලපේ.
විසඳුම:
දීමනාපත‍්‍රයක අයිතිකරු මගින් එම ඉඩම් කොටස රජයට භාර ගෙන ඉතිරි ප‍්‍රමාණයට නව දීමනාපත‍්‍රයක් සකස් කිරීමට කටයුතු කළ යුතුය. එමෙන්ම රජයට භාරගත් කොටස සදහා අදාළ ආයතනය නමින් දීර්ඝකාලීන බදුකරය සකස් කිරිමට කටයුතු කළ යුතුයි. නමුත් දීමනාපත‍්‍රකරුගේ කැමැත්ත නොමැතිව වෙනස සිදු කළ නොහැකිය. මෙවැනි අවස්ථාවල දීමනාපත‍්‍ර ඉඩම තුළ සිදුවන වාණිජමය ඉදිකිරීම් වලට අනුමැතිය ලබා දීම ප‍්‍රාදේශීය ලේකම් විසින් නොකල යුතුය. නමුත් එවැන්නක් සඳහා නීතීමය ප‍්‍රතිපාදනයක් නැත.
ඉ.සං.ආ.පනත යටතේ ලබා දුන් දීමනාපත‍්‍ර ඉඩම අයිතිය නිරවුල් කර ගැනිම සඳහා ප‍්‍රාදේශීය ලේකම්ගේ අවසරය මත ප‍්‍රකාශන ඔප්පු ලියා තිබීම
පසුබිම:
දීමනාපත‍්‍ර ඉඩමක අයිතිය නිරවුල් කර ගැනීමට ප‍්‍රකාශන ඔප්පු ලියා ගැනීමට ප‍්‍රාදේශීය ලේකම් ලබා දුන් ලිඛිත අවසරය මත ප‍්‍රකාශන ඔප්පු සකස් කර ලියාපදිංචි කර ඇත. මුල් අයිතිකරු මියගොස් ය. සහෝදරයකු ඉඩමේ අයිතිය ඉල්ලා සිටී.
විසඳුම:
මුල් දීමනාපත‍්‍රයේ කොන්දේසි වලට එකග වන පරිදි හා ඉඩම් සංවර්ධන ආඥා පනත උරුම සාරෝපණයට අනුකූල වන පරිදි ප‍්‍රකාශන ඔප්පුවක් ප‍්‍රාදේශීය ලේකම් අවසරය මත ලියාපදිංචි කර තිබීම ගැටලුවක් සේ සැලකීම අවශ්‍යය නොවේ. පුද්ගලික ඉඩම් සම්බන්ධව සිදුවන ප‍්‍රකාශන ඔප්පු ලියාපදිංචි කර තිබීම සමහර අවස්ථා වල රජයේ දීමනාපත‍්‍ර නිකුත්ව ඇති ඉඩම් සම්බන්ධවද සිදු කිරීම අවශ්‍ය වන අවස්ථාද පැවතිය හැකිය.
මැනුම් නොකරන ලද ජයභූමි දීමනාපත්‍රවල පසු උරුමය නම් කිරීම හා මුල් අයිතිය සහතික කිරීම නොබෙදූ ඉඩමේ කොටසක් ලෙස සිදු කර ඇත.එම නොබෙදූ කොටස්වල ද නැවත නැවත පසු උරුමය නම්කිරීම් හා නොතාරිස් පැවරීම සිදු කිරීම නිසා පත්ඉරු සංකීර්ණ වීම. මෙවැනි අවස්ථාවක දී ගත යුතු නිත්‍යානුකූල ක‍්‍රියා මාර්ගය කවරේද?
පසුබිම:
-
විසඳුම:
නොබෙදූ කොටස් ලෙස පසු උරුමය නම් කිරීමට හැකියාව ඇතත් මුල් උරුමය සහතික කිරීමේදී බෙදූ කොටස් ලෙස උරුම සහතික කිරීම අවශ්‍ය වේ. එසේ සිදුව නොමැති විටක උරුමය සහතික කරන ලද අය අතර එකගතාවය පවතී නම් පුද්ගලික ඉඩම් හා පවතින සමගි බෙදුම් ඔප්පුවකට අවසරය ලබා දීම සුදුසුය. එසේ නැතහොත් පාර්ශවකරු අධිකරණයේ බෙදුම් නඩුවක් මගින් ගැටලූව විසඳිය යුතුය.
එකම ඉඩම සඳහා එකම පුද්ගලයා වෙත දීමනාපත‍්‍ර 02 ක් සකස් කර ඇති අතර පසු ව සකස් කළ දීමනාපත‍්‍රයේ පසු උරුමය නම් කර ඇත. මෙහිදී අවලංගු කළ යුත්තේ කුමන දීමනාපත්රයද? බැහැර කළ යුත්තේ කුමන දීමනාපත්රයද?
පසුබිම:
පසු ව සකස් කරන ලද දීමනාපත‍්‍රය බලරහිත වුව ද දීමනාපත‍්‍රකරු එහි පසු උරුමය නම්කර තිබීම හා දීමනාපත‍්‍රකරු මියගොස් සිටීම.
විසඳුම:
පළමු දීමනාපත‍්‍රය සෑම විටම වලංගු සේ සලකා කටයුතු කිරීමට සිදු වේ. ඒ අනුව පාර්ශව අතර සමථකරණයක් කිරීම සදහා උත්සහ කිරීම සුදුසුය.
බලපත්රයකරු/දීමනාපත්රකරු අවිවාහකව සිට මියගොස් ඇත. මෙම ඉඩමේ පසු උරුමයන්ද නම් කර නැත. බලපත්රයකරුට/දීමනාපත‍්‍රකරුට පෙර ඔහුගේ මව/පියා/සහෝදර සහෝදරියන් මියගොස් ඇත. එවිට මෙම ඉඩමේ අයිතිය සාරෝපනය වන්නේ කාටද? කෙසේද?
පසුබිම:
සහෝදර සහෝදරියන්ගේ දරුවන් ජීවත්ව සිටී.
විසඳුම:
ඉඩම් සංවර්ධන ආඥා පනතේ 3 වන උපලේඛන ගත නිසි උරුමකරු වෙත උරුමය සාරෝපණය වේ. ඒ අනුව IX මාමලා X නැන්දලා XI බෑනලා XII ලේලිලා පිළිබද පරික්ෂා කර බැලීම සුදුසුය. ලේ ඥාතීත්වය පවතින ඥාතීන් මෙහිදී සලකා බලයි.
දේපල භාරකාරත්වය යටතේ බාලවයස්කරුවෙකුට අයිතිය ලබා දීමෙන් අනතුරුව ඉඩමට අදාළ පසු කටයුතු කරන්නේ කෙසේ ද?
පසුබිම:
බාල වයස්කරු වෙනුවෙන් ඉඩම් රජයට භාරදීම හෝ වෙනත් කටයුතු කිරීමට දේපොළ භාරකරුට හැකියාවක් පවතීද යන්න තහවුරු කර ගත යුතු වේ.
විසඳුම:
බාලවයස්කරුගේ අගතියට හේතු නොවන අනාගතයට හේතු වන පරිදි දේපොළ සඳහා ගනු ලබන තීන්දු ක‍්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දීම සුදුසුය. අවස්ථානුකූලව අදාල පසුබිම් කාරණා මත මේ සම්බන්ධව තීරණ ගැනීම සුදුසුය.
දිසා අධිකරණ නඩු තීන්දුවකට අනුව කුලවද්දාගෙන දරුකමට හදාගෙන ඇති දරුවෙකු හට එම තීන්දුව අනුව දෙමාපියන් සතු දේපල උරුම වන බවට සඳහන් කර ඇති විටෙක පියාට අයත් රජයේ දීමනාපත‍්‍ර ඉඩමක උරුමය මෙම අයට ලබාදිය හැකි ද නැතිනම් 3 වන උපලේඛණය අනුව උරුමකරුට සාරෝපණය වේද?
පසුබිම:
-
විසඳුම:
පසු උරුමය නම් කර ඇති හෝ 3 වන උපලේඛන ගත අනුපිළිවෙළ වන කුලවද්දා ගත් දරුවා සම්බන්ධවද අනිත් දරුවන් මෙන් අයිතිවාසිකම් හිමිවේ.
දීමනාපත‍්‍ර ඉඩමක අනුප්‍රාප්තිය නම් නොකර කට්ටිකරු මියගිය අවස්ථාවක ජීවිත භුක්තිකරුට පවුලේ සාමාජිකයින් වෙත කොටස් බැහැර කිරීමේ ක‍්‍රමවේදය කුමක්ද?
පසුබිම:
ජීවිත බුක්තිකරු හා උරුමකරු සම`ග කොටසක් බැහැර කිරීමට ඇති හැකියාව පවතීද යන්න.
විසඳුම:
ජිවිත භුක්තිකාරිය හා නම් කරන ලද පසු උරුමකරු හෝ නිසි උරුමකරු සමග ඒකාබද්ධව බැහැර කිරීම්, උකස් කිරීම් වැනි තීරණ වලට එළඹීමට හැකියාව ඇත.
පසු උරුමය දරුවන් කිහිපදෙනෙකු වෙත නම් කර ඇති දීමනාපත‍්‍ර ඉඩමක දීමනාපත‍්‍රකරුගේ හා කලත්‍රයාගේ ඇවෑමෙන් නම්කරන ලද පසු උරුමකරුට මුල් උරුමයට ප‍්‍රවේශ වීමට වැඩිමහල් පුතා (උපලේඛනගත උරුමකරු*ඉඩ නොදීම.
පසුබිම:
දීමනාපත‍්‍රකරු ජීවත් ව සිටිය දි පසු උරුමය නම් කර ඇත.පසු උරුමකරුවන්ගෙන් එක් අයෙකු සහ පවුලේ වැඩිමහල් පුතා පසු උරුමකරුවන්ට ඉඩමේ භුක්තියට ප‍්‍රවේශ වීමට ඉඩ නොදීම.
විසඳුම:
නම් කරන ලද පසු උරුමකරුවන් නියමිත කාලය තුල මුල් අයිතිය ඉල්ලා ඇත්නම් 3 වන උපලේඛන ගත උරුමකරු ඊට බාධා පමුණුවයි නම් කාර්යාල පරික්ෂණයකදී සමථය සදහා ක‍්‍රියා කීරීම සුදුසු වේ. කෙසේ වෙතත් මෙහිදී නම් කරන ලද පසු උරුමකරු හෝ නම් කිරීමට උත්සහ කළ යුතුය.
බලපත්රයකරු/දීමනාපත්රකරු මිය යාමට පෙර මිය ගිය දරුවෙකුට හෝ එම පවුලේ අයට එම ඉඩමේ අයතිය පනතෙහි 72 වගන්තිය අනුව සාරෝපනය වීමක් සිදුවන අවස්ථා පවතීද?
පසුබිම:
-
විසඳුම:
බලපත‍්‍රකරුට / දීමනාපත‍්‍රකරුට පෙර මිය ගිය දරුවෙකුට 72 වගන්තිය යටතේ උරුමය සාරෝපණය වන්නේ නැත.
දීමනාපත‍්‍ර හා බලපත‍්‍ර ලබා දෙන ලද ඉඩමක (ඉ.සං.ආ.පනත යටතේ) පසු කාලීනව උරුමකරුවන් පැවරුම්ලාභීන් විසින් ව්‍යාපාරික හෝ වාණිජ්‍ය කටයුත්තක් සඳහා ඉඩම යොදා ගැනීමේ දී ඒ සඳහා අනුමැතියක් ලබා දිය හැකිද?
පසුබිම:
දීමනාපත‍්‍ර ඉඩමක සංචාරක හෝටලයක් ඉදිකිරීමට යාමේ දී ගොඩනැගිලි සැලැස්ම අනුමත කිරීම සඳහා ප‍්‍රාදේශීය ලේකම්ගේ එකඟතාවය / අනුමැතිය ඉල්ලීම.
විසඳුම:
දීමනාපත‍්‍ර ඉඩමක පසු කාලීනව වානිජ කටයුතු වල නිරත වීම නතර කිරීමට ප‍්‍රතිපාදන නොපවතින නමුත් බලපත‍්‍ර ඉඩමකට දීමනාපත‍්‍රය සකස් කිරීමට කටයුතු කිරීමේදී ඒ පිළිබදව සැලකිලිමත් විය යුතුය. දීමනාපත‍්‍රය සකස් කළ යුත්තේ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බෙදා දුන් ඉඩම එම කාර්යයට භාවිතා කරන විට පමණි.
දීමනාපත‍්‍ර ඉඩමක එම දීමනාපත‍්‍රය අවලංගු කිරීමට දීමනාපත‍්‍රකරුගේ එකඟතාවයෙන් තොරව සිදුකළ හැකිද? හැකියාව ඇත්නම් එවැනි අවස්ථා කවරේද?
පසුබිම:
-
විසඳුම:
දීමනාපත‍්‍ර ඉඩමක දීමනාපත‍්‍රකරු ජීවත්ව සිටීනම් ඔහුගේ කැමැත්ත නොමැතිව එය අවලංගු කිරීමට පනත යටතේ ප‍්‍රතිපාදන නොමැත.
i. දීමනාපත්රකරු/උරුමකරු සසුන්ගත වූ විට රජයේ ඉඩම්වල අයිතිය හිමිවන්නේ කාහට ද?, ii. සසුන්ගත වූ දීමනාපත‍්‍රකරුට ඉඩම් අයිතිය සම්පූර්ණයෙන් බැහැර කළ හැකිද,පසු උරුමය නම් කළ හැකිද? iii. පැවදි වී සිටින දරුවෙකු වෙත පසු උරුමය නම් කළ හැකිද?. iv. මෙහි දී 155 ආකෘතියේ ඥාතීත්වය සඳහන් කිරීම සම්බන්ධ ගැටලූවක් ඇත් ද ඒ
පසුබිම:
-
විසඳුම:
සසුන්ගත වූ විට ඔහුගේ ඉඩම් සංවර්ධන ආඥා පනතේ උරුමය අවලංගු වීමක් සිදු නොවේ. එය උරුමය නම් කිරීමකදී සසුන්ගත අයෙකු සඳහා නම් කිරීම මගින් පනතේ අරමුණ ඉඩම් සංවර්ධනයෙන් පරිබාහිරව විහාර හා දේවාල ගම් පනතට එය යටත් වීමට ඉඩ ඇත.
දීමනාපත‍්‍රයේ බිම් ප්‍රමාණයන් වැරදි නිවැරදි කිරීම් යටතේ සංශෝධනය කළ හැකි ද (10% සීමාව තුළ වූව ද)
පසුබිම:
දීමනාපත‍්‍රයේ බිම් ප‍්‍රමාණය පර්.100 යි. නිවැරදි ප‍්‍රමාණය පර්. 104
විසඳුම:
දීමනාපත‍්‍රයේ අතිගරු ජනාධිපතිවරයා ප‍්‍රදානය කරන ලද ප‍්‍රමාණය වරද නිවැරදි කිරිම යටතේ සංශෝධනය සදහා ප‍්‍රතිපාදනය නැත. ඒ යටතේ නම ලිපිනය මායිම් දෙකක දෝෂ පමණක් නිවැරදි කරයි.
1.ආරක්ෂක බලකරුට ඇති බලතල මොනවාද? ඉඩම් පැවරීම සම්බන්ධ බලතල මොනවාද? 2.ආරක්ෂක බලකරුට දීමනාපත‍්‍ර ඉඩමක් පවුලෙන් පිටත භාහිර පාර්ශවයක් වෙත නොතාරිස් ඔප්පු මගින් පැවරිය හැකිද?
පසුබිම:
උරුමය සාරෝපනය වන අය මානසික ආබාධිතයෙකි. දිසා අධිකරණයේ තීන්දුවකට අනුව මෙම ඉඩම සඳහා උරුමකරු වෙනුවට බූදල් භාරකරුවෙකු සහ ආරක්ෂක බලකරුවෙකු පත්කර ඇත.
විසඳුම:
ආරක්ෂණ බලකරුවෙකුට භාරකාරත්වය පැවරී ඇති මානසික ආබාධිත පුද්ගලයාගේ අභිවෘද්ධියට හේතු වන පරිදි අදාල ඉඩම කළමණාකරණය කිරීමේ බලයක් පැවරේ. මෙහිදී පැවරීමක් තුළින් අදාල පුද්ගලයන්ගේ අභිවෘද්ධියට හේතු වේ නම් එවැනි කටයුත්තකට වුවද කටයුතු කිරීමට ඔහුට බලය ඇත.
ඉඩමේ වැඩිපුර ප්රමාණය සඳහා බලපත‍්‍ර ලබා දෙන ආකාරය සහ බලපත‍්‍ර ලබා දෙන්නේ කා හටද?
පසුබිම:
ඉඩම සඳහා ජයභූමි දීමනාපත‍්‍ර ලබා දී ඇත්තේ පර්.20 ක් සඳහා ය. මැනුම් අනුව ඉඩමේ ප‍්‍රමාණය පර්.33 කි. දීමනාපත‍්‍රයේ හතර මායිම් අනුව පර්.33 ම දීමනා පත‍්‍රයේ හතර මායිමි තුළ පිහිටයි. දීමනාපත‍්‍රකාරිය එහි පසු අයිතිය බාල පුතා වෙත නම්කර ඇත. මව වයස්ගතව සිටී. සම්පූර්ණ ඉඩම බාල පුතා පදිංව භුක්ති විඳියි.
විසඳුම:
ජයභූමි දීමනාපත‍්‍රය නිකුත් කර ඇති බිම් ප‍්‍රමාණයට අදාල වන පරිදි මායිම් සංශෝධනය කර වැඩිපුර පවතින කොටස සදහා ඉඩම් කොමසාරිස් ජනරාල් 2008/4 පරිදි කටයුතු කළ යුතුය. වැඩිපුර පවතින බිම් ප‍්‍රමාණයේ භුක්තිය සලකා තීරනය ගැනීම අවශ්‍ය වේ.
ඉඩම් සංවර්ධන ආඥා පනතේ 3 වන උපලේඛන ගත ඥාතීත්වය තහවුරු කර ගැනීම සඳහා උප්පැන්න සහතිකය නොමැති විට භාවිතා කළ හැකි විකල්ප ලේඛන මොනවාද?
පසුබිම:
-
විසඳුම:
උප්පැන්න සහතිකයක් සකස් කර ගැනීමට උපදෙස් ලබා දීම, විවාහ සහතිකය, දරුවෙකුගේ උප්පැන්න සහතිකය, පාසල් හැර යාම සහතිකය වැනි දෑ ද මීට අදාළ කර ගත හැකිය.
අතුරු බෙදීම්වලට අවසර නොමැති බලපත‍්‍ර / දීමනාපත‍්‍ර ඉඩමක පසු අයිතිය කීප දෙනෙකුට නම් කර ඇති විට කට්ටිකරු/කාලත්රයාගෙන් පසුව එවැනි ඉඩමක හිමිකම ලබා දීම කෙසේ සිදුවිය යුතුද? දැනට නම් කරන ලද පසු උරුමකරුවන් ඉඩම නිරවුල්ව භුක්ති විඳී. එසේම 3 වන උපලේඛනගත උරුමකරු භුක්තියේ නොමැත.
පසුබිම:
-
විසඳුම:
අතුරු බෙදීම් වලට අවසර නොමැති බලපත‍්‍ර / දීමනාපත‍්‍ර ඉඩමකට හවුල් අයිතිය යටතේ පසු උරුමකරුවන් නම් කිරීම කර ඇත්නම් එය බලාත්මක කිරීමට හැකියාවක් ඇතත් එසේ නොමැතිව බිම් ප්‍රමාණවලින් කර ඇති නම් කිරීම බලාත්මක කළ නොහැකිය.එවිට 3 වන උපලේඛන ගත නිසි උරුමකරුට උරුමය සාරෝපණය වේ.
1935 හා 1969 ඉ.සං.ආ. පනත්වලින් කට්ටිකරුගේ කලත‍්‍රයා වෙත හිමිව තිබූ හිමිකම් මොනවාද? (ජීවිත භුක්තිය/මුල් අයිතිය)
පසුබිම:
-
විසඳුම:
මෙම පනත් වලින් කලත‍්‍රයා වෙත ජිවිත භුක්තිය නොව මුල් උරුමය සාරෝපණය වන බවට සදහන් වේ.
රජයේ බලපත‍්‍ර/දීමනාපත‍්‍ර නිකුත් වූ ඉඩමක් සම්බන්ධයෙන් එහි සඳහන් කොන්දේසිවලට පටහැනි වන පරිදි ලියා සහතික කරන නොතාරිස් ඔප්පුවක් හෝ බදු ගිවිසුමක් සහතික කරන නීතීඥවරයකු / නොතාරිස් වරයකු සම්බන්ධයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ග හා ඊට අදාළ ක‍්‍රමවේදය පැහැදිලි කරන්න.
පසුබිම:
-
විසඳුම:
ඉ.සං.ආ.පනත පරිදි එවැනි නොතාරිස් වරයෙකු සම්බන්ධව මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තා කර අධිකරණය මගින් දඩුවම් කිරීමට හැකියාව ඇත.
2008/4 යටතේ රජයේ ඉඩම් ආඥා පනත යටතේ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉඩම් බැහැර කිරීමට තෝරාගත් පුද්ගලයන් වෙත බදුකර සකස් කිරීමට නොහැති වීම.
පසුබිම:
නාගරික සංවර්ධන අධිකාරිය දීර්ඝ කාලීන බදු සඳහා නිර්දේශ ලබා නොදීම හා වාර්ෂික බදු ලබා දෙන ලෙස නිර්දේශ කිරීම.
විසඳුම:
2008/4 යටතේ ඉඩම් කච්චේරි යෝජනාවක් ඉදිරිපත් කිරීමට ප‍්‍රථම ඊට අදාලව ප‍්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුවේදී සාකච්ඡා කිරීම සුදුසුය. අදාළ වන ආයතන සියල්ල සම්බන්ධ කර ගනිමින් මෙම සාකච්ඡාව සිදු කිරීම හා තීරණවලට එළඹීම මගින් පසු ගැටලූ අවම කර ගත හැකිය.
99 අවුරුදු සඳහා ලබා දී ඇති දීර්ඝ කාලීන බදුකරවල නියමිත කාලය අවසන් වූ පසු ගත යුතු ක‍්‍රියා මාර්ග කවරේද?
පසුබිම:
මෙවැනි ඉඩම්වල බදු මුදල් පැහැර හැරීම,බදු මුදල සුළු අගයක් වීම හා බදුකර බාහිර පාර්ශවයන්ට විකිණිම වැනි ගැටළු මතු වී තිබිම.
විසඳුම:
බදු කොන්දේසි කඩකර ඇති අවස්ථා වල එවැනි බදුකරයක් දීර්ඝ කිරීම සදහා බැදීමක් නොමැත. නමුත් කොන්දේසි ඉටු කරන ලද බදුකරයක් දීර්ඝ කිරීමට බැදීමක් පවතී.
දීර්ඝ කාලීන බදු පදනමින් නේවාසික කටයුතු සඳහා බෙදා දෙනු ලබන උපරිම හා අවම බිම් ප්රමාණය 1. මහ නගර සභා සීමාව තුළ 2. නගර සභා සීමාව තුළ 3. ප්රාදේශීය සභා සීමාව තුළ කොපමණද?
පසුබිම:
-
විසඳුම:
මහ නගර සභා හා නගර සභා බල ප‍්‍රදේශයන්හි දී උපරිමය පර්චස් 10 ක් ලෙසත්, ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ වලදී උපරිමය පර්චස් 20 ක් ලෙසත් කටයුතු කෙරේ. අවම සීමාව අදාළ පළාත් පාලන ආයතන අනුව සුලු වෙනස්වීම් පැවතිය හැකිය.
රජයේ ඉඩම් ආඥා පනත යටතේ වාණිජ්‍ය/හෝටල් ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමේ හැකියාව කෙසේද? වරණී පදනමට ඉඩම් ලබාදීමේදී උපරිම බිම් ප්රමාණය කොතෙක්ද?
පසුබිම:
-
විසඳුම:
රජයේ ඉඩම් ආඥා පනත යටතේ විශේෂ ව්‍යාපෘති සදහා අනුග්‍රාහික / වරණීය බදු දීම් කල හැකිය. ව්‍යාපෘති වාර්තාව අනුව ආයෝජිත මුදල, ඉදිකරන ගොඩනැගිලි, සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන ආකාරය අනුව ලබා දෙන ඉඩම් ප‍්‍රමාණය තීරණය කල හැකිය.
රණවිරුවන් සඳහා රණවිරු පදනම්න් පදිංචියට ඉඩම් ලබාදීමේ දී අනුගමනය කළයුතු ක‍්‍රමවේදය හා තෝරා ගතයුතු පනත කුමක්ද?
පසුබිම:
-
විසඳුම:
රණවිරුවන් සදහා ඉඩම් ලබා දීමේදී රජයේ ඉඩම් ආඥා පනත යටතේ කටයුතු කළ යුතුවේ. ඉ.කො.ජ ගේ 2016/07 චක්‍රලේඛනය අනුව කටයුතු කළ යුතුයි.
ස්වභාවික ආපදා වලට ලක් වූවන් සඳහා විකල්ප ඉඩම් ලබා දීමේ දී අනුගමනය කළයුතු ක‍්‍රමවේදය හා තෝරා ගතයුතු පනත කුමක්ද?
පසුබිම:
-
විසඳුම:
ස්වාභාවික විපතක් නිසා ආපදාවට ලක් වූවන්ට විකල්ප ඉඩම් ලබා දීමේදී ද අනුගමනය කරන්නේ රජයේ ඉඩම් ආඥා පනතය. ඒ අනුව දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ කමිටුව ලෙස දිසාපතිවරයාගේ අත්සනින් නිකුත් කරන ලද ලේඛනගත හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) නිර්දේශ කර ඇති පුද්ගලයන්ට විකල්ප රජයේ ඉඩම් ලබා දී සංවර්ධන කටයුතු කල පසු රජයේ ඉඩම් ආඥා පනත යටතේ එකවර නිදහස් දීමනාපත‍්‍රයක් සකස් කිරීම සිදු කරයි.
දීර්ඝකාලීන බදු පදනම්න් ලබා දී ඇති බදු අනුමැතිය හෝ නිකුත් කර ඇති දීර්ඝකාලීන බදුකරයක් සංශෝධනය කිරීම හෝ අවලංගු කිරීමේ දී අනුගමනය කලයුතු ක‍්‍රමවේදය කුමක්ද?
පසුබිම:
-
විසඳුම:
දීර්ඝකාලීන බදු අනුමැතියක් පමණක් පවතින අවස්ථාවක එය අවලංගු කිරීමට අවශ්‍ය බවට ප‍්‍රාදේශීය ලේකම් තීරණය කරන්නේ නම් ඊට අදාළ හේතුව සමග නිර්දේශය පලාත් ඉඩම් කොමසාරිස් මගින් ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත්කළ යුතුය.
ඉඩමක් හෝ එම නමින් අවසරපත්රකරුවකු සොයාගත නොහැකි වාර්ෂික අවසරපත‍්‍ර බදු ලේඛනයේ ලේඛනගත වී තිබීම.
පසුබිම:
අදාළ ඉඩම හෝ පුද්ගලයා ක්ෂේත‍්‍රයේ සොයා ගැනීමට නොහැක. අදාළ වාර්ෂික අවසරපත‍්‍ර අවලංගු කර බදු ලේඛනයෙන් නම කපා හැරීමට හැකිද?
විසඳුම:
වාර්ෂික අවසරපත‍්‍ර භුක්ති නොවිදීම මත අවලංගු කිරීමේදීද ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කරන ලද බලපත‍්‍රයක් අවලංගු කිරීමට අදාල ක‍්‍රමවේදය භාවිතා කල යුතුය. ඒ අනුව 106 හා 109 හෝ 110 වගන්ති නිවේදනය නිකුත් කිරීමට ප‍්‍රාදේශීය ලේකම් කටයුතු කල යුතුය.
බදු බලපත‍්‍රයක බදු ගෙවිය යුතු දිනය බලපත‍්‍රය නිකුත් කරන දිනය ද? වසර අවසාන දිනය ද?
පසුබිම:
වාර්ෂික බලපත‍්‍රය වසර මැද නිකුත් කර බදු ගෙවිය යුතු දිනය ලෙස බලපත‍්‍රය නිකුත් කළ දිනය යොදා තිබීම
විසඳුම:
වාර්ෂික බලපත‍්‍රයක් සෑමවිටම ලිත් වර්ෂයක් අවසානයේදි එනම් දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වන පරිදි නිකුත් කල යුතුය. ඒ අනුව බදු ගෙවිය යුතු දිනය ලෙස සටහන් කල යුත්තේ ජනවාරි 01 දිනය. නමුත් මාර්තු 31 දක්වා දඩ පොලී සහන යටතේ බදු ගෙවිය හැකිය.
ගංගා ඇළ,දොළ රක්ෂිත සඳහා ඵලදාව භුක්ති විඳීමට වාර්ෂික බලපත‍්‍ර ලබා දීමේ දී එම බලපත‍්‍ර ලබා දෙනු ලබන ආකෘතිය ද අයකළ යුතු බදු ප්‍රතිශතය ද, වසර 05 කට වරක් එසේ සංශෝධනය කරනු ලබන්නේ නම් සංශෝධනය කරනු ලබන ප්‍රතිශතය කොපමණද?
පසුබිම:
-
විසඳුම:
ගංගා, ඇළදොළ රක්ෂිත සදහා ඵලදාව ලබා ගැනීම වෙනුවෙන් ලබා දෙන්නේ රජයේ ඉඩම් ආඥා පනතේ ඉ.කො. 78 ආකෘතියෙන් යුත් බලපත‍්‍ර වේ. එවැනි විටක ඵලදාවේ දියුණු වටිනාකමින් 6% ක් ලෙස බදු අය කල යුතු අතර ඵලදාව වාර්ෂිකව තක්සේරු කල යුතුය.
වාර්ෂික බදු බලපත‍්‍රයක මුදල් අයකළ යුතු නිෂ්චිත දිනය කුමක්ද? පොළී ගණනය කල යුත්තේ සහන කාල සීමාවකින් පසුවද?
පසුබිම:
-
විසඳුම:
වාර්ෂික අවසරපත‍්‍රයක් සෑම විටම ලිත් වර්ෂය පදනම් කර නිකුත් කල යුතුය. ඒ අනුව දෙසැම්බර් 31 දිනෙන් එය අවසන් වන අතර ජනවාරි 01 දිනට ප‍්‍රථම ඊළග වර්ෂයට බදු ගෙවිය යුතුය. නමුත් දැනට පොළී සහන කාලයක් මාර්තු 31 දක්වා පවතී. වැඩිවිස්තර සදහා ඉඩම් කොමසාරිස් 96/05 චක‍්‍රලේඛය බලන්න.
මිනින්දෝරු සිතියම්වල රක්ෂිත බිම් කොටසකට වාණිජ්‍ය කටයුත්තක් සඳහා බලපත‍්‍රයක් නිකුත් කළ හැකිද? හැකි නම් අයකල යුතු බදු පදනම හා බදු ප්‍රතිශතය කොපමනද?
පසුබිම:
-
විසඳුම:
දැනට පවත්වා ගෙන යන වානිජ කටයුත්තක් සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමට රජයේ ඉඩම් ආඥා පනත අනුව හැකියාව ඇත.
පිඹුරුවල දැක්වෙන රක්ෂිත ඉඩමකට පදිංචියට තාවකාලික බලපත‍්‍රයක් ලබාදිය හැකිද? හැකි නම් අයකල යුතු බදු පදනම හා බදු ප්‍රතිශතය කොපමද?
පසුබිම:
-
විසඳුම:
රජයේ ඉඩම් ආඥා පනත අනුව රජයේ ඉඩමක ස්ථිර පදිංචියක් දරන අවස්ථාවක ඒ සදහා ඉ.කො. 75 ආකෘතියෙන් බලපත‍්‍ර නිකුත් කිරීමට හැකියාවක් ඇත. එහිදී ඉඩමේ නොදියුණු වටිනාකමින් 4% ක් ලෙස සලකා බදු අය කිරීම සිදු කරයි.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් රජයේ ඉඩමක පදිංචි කරන අය සඳහා නිදහස් දීමනාපත‍්‍රයක් ප‍්‍රදානය කිරීමේ දී අනුගමනය කිරීමේ ක‍්‍රමවේදය පැහැදිලි කරන්න.
පසුබිම:
2017 මැයි මස ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් රජයේ ඉඩම්වල පදිංචි කරවන ලද පුද්ගලයින් වෙත නිදහස් දීමනාපත‍්‍ර ලබා දීම සඳහා
විසඳුම:
හදිසි ආපදා තත්වය ප‍්‍රදේශයේ ඇති වූ ස්වාභාවික තත්වයන් මත ඇති වූයේ නම් ජාතික ආපදා කලමණකරණ මධ්‍යස්ථානයේ නිර්දේශ සමග දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ කමිටුවේ නිර්දේශ දිසාපතිවරයාගේ අත්සනින් ලබා ගත යුතුය. එම නිර්දේශ සමග නව ඉඩම් ලබා දීමට අදාළ ආයතනවල එකඟතාවය, නිදහස් දීමනා පත‍්‍රයක් ලබා දීමට අදාළ තොරතුරු හා නිදහස් දීමනා පත‍්‍රයක් ලබාදීමට අදාළ නිර්දේශිත වාර්තා සමග ඉදිරිපත් කල යුතුය. මෙහිදි පුද්ගලයා ජීවත්ව සිටී නම් අවධානම් සහිත භූමිය රජයේ ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ රජය වෙත පවරා ගැනීමට ඇති යෝජනාවක්ද ඉදිරිපත් කළ යුතු අතර ඒ සදහා වන්දි අත්හැරීමේ ප‍්‍රකාශ පුද්ගලයාගෙන් ලබා ගත යුතුය.
සුනාමි නිවාසලාභීන් සඳහා ලබා දී ඇති නිවාස අන්සතු කිරිම හේතුවෙන් ගත යුතු ක‍්‍රියා මාර්ග කවරේද?
පසුබිම:
අන්සතු කර ඇති ඉඩම් සඳහා සුනාමි දීමනාපත‍්‍ර ලබා දීම ගැටළුවක් වීම. (දැනට ඉඩම භුක්ති විඳින අය සුනාමි ව්‍යවසනයට මුහුණ දුන් අය නොවීම)
විසඳුම:
සුනාමි නිවාස ප‍්‍රතිලාභීත්වය ලබා දී ඇත්තේ අදාළ ව්‍යවසනයට ලක් වූ පුද්ගලයන් වෙතය. ඒ අනුව එම නාමලේඛනයට දිසාපති සහතික කිරීම් සමග අදාළ වාර්තා ලැබීම මත දීමනාපත‍්‍ර සකස් වීම සිදුකෙරේ. කෙසේ වෙතත් මෙවැනි අන්සතු කරන ලද නිවාස සම්බන්ධව පොදු ගැටලූවක් පවතින අතර එය විසදා ගැනීම ප‍්‍රතිපත්තිමය තීරණයක් මත සිදුවිය යුතුය.
සුනාමි දීමනාපත‍්‍ර නිකුත් වු පසු එහි උපලේඛනයේ සඳහන් පරිදි වසර 10ක් ගත වීමට ප‍්‍රථම නිවාසලාභීන් විසින් එම නිවාස අන්සතු කිරීම
පසුබිම:
එසේ අන්සතු කරන ලද ඉඩමක කට්ටිකරු වැඩිහිටි නිවාසගතවී ඇත. කට්ටිකරුගේ කලත‍්‍රයා මියගොස් ඇත. එකම දරුවා තමා අනාථභාවයට පත් වූ බව පවසමින් ඉඩම් අයිතිය ඉල්ලයි.
විසඳුම:
සුනාමි දීමනා පත‍්‍ර නිකුත්ව ඇති ඉඩම් වලට අදාළ පොදු ගැටලූ ප‍්‍රමාණයක් ක්ෂේත‍්‍රයේ නොවිසදී පවතී. එම ගැටලු සමගත් එම අවස්ථාවල ප‍්‍රතිපත්තිමය තීරණ ගැනිම මත විසදා ගත යුතුය. එසේ නොමැති නම් අධිකරණ ක‍්‍රියාමාර්ග වලින් විසදා ගැනීමට සිදුවේ.
පැවරුම් නියෝග මගින් පැවරීමට යෝජිත ඉඩම් කොටස මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියම්වල රක්ෂිතයක් ලෙස ඇතුලත් කර තිබීම.
පසුබිම:
ප‍්‍රාදේශීය සභාව මගින් සංවර්ධනය හෝ නඩත්තු කරන ඉඩම් පැවරීමේ දී ඒවා මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් මැනුම් කර රක්ෂිත ලෙස දැක්වීම.
විසඳුම:
රක්ෂිතය ලෙස මිනින්දෝරු දෙපාර්තමේන්තු සිතියම් වල නිරූපණය කරන ඉඩම් කොටසක් සදහා ස්ථීර බලපත‍්‍ර හෝ ස්ථීර ලියවිලි නිකුත් කිරීමට හැකියාව නොමැත. රක්ෂිතය වෙන්කර ඇති අරමුණට බාධාකාරී නොවන ලෙස පරිහරණය කිරීම පමණක් සිදුකල හැකිය.
ඉඩම් ප‍්‍රදාන විශේෂ විධිවිධාන පනත යටතේ බෙදා දී ඇති අන්සතු කරන ලද ඉඩම් වත්මන් පදිංචිකරුවන්ට බැහැර කිරීමට නොහැකි වීම.
පසුබිම:
2008/4 යටතේ තෝරාගෙන ඇතත් ආදායම් කාණ්ඩය රු.144000.00 ට වඩා වැඩි වීම නිසා හිමිකමි සහතික ලබා දීමට නොහැකි වීම.
විසඳුම:
ඉඩම් ප‍්‍රදාන විශේෂ විධි විධාන පනත යටතේ බෙදා දී ඇති ඉඩමක් හුවමාරු කල හැක්කේ එම නිශ්චිත ආදායම් සීමාව තුළ පුද්ගලයන් අතර පමණි. ඉන් පරිබාහිර පුද්ගලයා භුක්තිය සහිත අවස්ථාවක කටයුතු කල යුතු ආකාරය පිළිබඳව ද ප‍්‍රතිපත්තිමය තීරණයක් ගැනීම අවශ්‍ය වේ.
ඉඩම් විශේෂ විධිවිධාන පනත යටතේ බෙදා දී ඇති ඉඩම් අන්සතු කිරීම
පසුබිම:
දැනට පදිංචි අය රජයේ සේවකයින් බැවින් ආදායම් සීමාව ඉක්මවා යාම නිසා එම පනත යටතේ දීමනාපත‍්‍ර ලබා දීමට නොහැකි වීම.
විසඳුම:
මෙම ඉඩම් කොටස් හුවමාරු වේ නම් එය සෑම විටම නිශ්චිත ආදායම් කාණ්ඩයේ පුද්ගලයන් අතර පමණක් සිදුවිය යුතුය. නමුත් ආදායම් කාණ්ඩයට පරිබාහිරව සිදුව ඇති අවස්ථාවක අනුගමනය කල යුතු ක‍්‍රියා පිලිවෙළ සම්බන්ධව ප‍්‍රතිපත්තිමය තීන්දු ගත යුතු වේ.
නියාදන සාධන පත‍්‍රයක් ප‍්‍රධානය කර ඇති ඉඩමක එය අතුරු බෙදීමට ඇති හැකියාව කෙසේද?
පසුබිම:
-
විසඳුම:
ඉඩම් ප‍්‍රදාන (විශේෂ විධි විධාන) පනතේ වගන්තීන් හා නියාදන සාධන පත්‍රයෙහි කොන්දේසි අනුව එම නියාදන සාධන පත‍්‍ර ඉඩම අතුරු බෙදීමට හැකියාවක් ඇත් ද යන්න නිශ්චිතව සදහන් නොවේ. කෙසේ වුවත් අදාළ ඉඩම පිහිටි පළාත් පාලන ආයතන බල ප‍්‍රදේශයේ අවම අනුබෙදුම් සීමාවට යටත්ව අතුරු බෙදීම් සිදු කිරීමට හෝ පැවරීම් සිදු කිරීමට කටයුතු කිරීම සුදුසුය.
නියාදන සාධන පත‍්‍රයක් අවලංගු කල හැක්කේ කෙසේද?
පසුබිම:
-
විසඳුම:
ඉඩම් ප‍්‍රධාන (විශේෂ විධි විධාන) පනතේ වගන්තීන් හා ඉඩම් නියෝග ද අනුව නියාදන සාධන පත‍්‍රයක් අවලංගු කිරීමට නිශ්චිත ක‍්‍රමවේද දක්වා නොමැත. කෙසේ වෙතත් නියාදන සාධන පත‍්‍රකරු විසින් සිය කැමැත්තෙන් රජයට භාර දීම මගින් හෝ අධිකරණ නියෝගයක් පරිදි නියාදන සාධන පත‍්‍රයක් අවලංගු කිරීමට කටයුතු කිරීම සුදුසුය.
නියාදන සාධන පත‍්‍ර ඉඩමක පසු උරුමය පැවරීමේ දී හා මුල් උරුමය පැවරීමේ දී ඉ.කො.ජ. / ප.ඉ.කො. ගේ අනුමැතිය ලබා ගත යුතුද?
පසුබිම:
-
විසඳුම:
නියාදන සාධන පත‍්‍ර ඉඩමක් පසු උරුමය පැවරීමේදී හා මුල් උරුමය සහතික කිරීමේදී ඉ.කො.ජ. හෝ ප.ඉ.කො. ගේ අනුමැතිය ලබා ගැනීමක් අවශ්‍ය නොවේ. නමුත් නියාදන සාධන පත‍්‍රය නියාදනය කිරීමේදී (පැවරීමක්) ඉ.කො.ජ. හෝ ප.ඉ.කො. ගේ අනුමැතිය ලබා ගත යුතු වේ.
සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ නඩු පැවරීමට රජයේ මිනින්දෝරු මගින් ලබා ගන්නා අනුරේඛනයක් හෝ පිඹුරක් අවශ්‍ය වීම අනිවාර්යය වේද?
පසුබිම:
ග‍්‍රාම නිලධාරි හෝ ඉඩම් නිලධාරී විසින් ලබා දෙන සැලැස්ම ප‍්‍රමාණවත් නොවීම.
විසඳුම:
පනතෙහි ප‍්‍රතිපාදනයන් අනුව නඩු පැවරීමකදී ඉඩමෙහි අනුරේඛණයක් හෝ පිඹුරක් අවශ්‍ය වීම අනිවාර්ය නොවේ. අදාළ ඉඩම රජයේ ඉඩමක් බවට නිශ්චිතව හදුනා ලැනීමට අදාල ලේඛණ ප‍්‍රමාණවත් වේ. නමුත් රජයේ මිනින්දෝරු අනුරේඛනයක් හෝ පිඹුරක් මගින් අදාළ ඉඩම නිශ්චිතව හදුනා ගැනීම නඩුවෙහි කටයුතු වලට විශාල පිටුවහලක් වේ.
ගම් පුළුල් කිරීම සඳහා අත්කරගෙන ඇති ඉඩම් වෙනත් කාර්යයන් සඳහා යොදාගෙන ඇති බැවින් ඒ සඳහා ඉඩම් බැහැර කළ නොහැකි වීම
පසුබිම:
අත්පත් කර ගැනීමේ අරමුණු සංශෝධනය කර නොමැති වීම.
විසඳුම:
ගම් පුළුල් කිරීම සඳහා අත්කර ගෙන ඇති ඉඩම් අදාළ කාර්යයෙන් බැහැරව යොදා ගැනීමට අදහස් කරන්නේ නම් පලමුව එම බිම් කොටස්වල අත්කර ගැනීමේ අරමුණ ඉඩම් අමාත්‍යාංශය මගින් සංශෝධනය කර ගැනීමට කටයුතු කළ යුතු වේ. ඉන් අනතුරුව එම කාර්යය සඳහා යොදා ගැනීම සිදුකළ යුතු වේ.
ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/4 චක‍්‍රලේඛය අනුව සුදුස්සන් ලියාපදිංචි කිරීමේ ලේඛනය (ඉ.කො. 157) යාවත්කාලීන කිරීමේ ක‍්‍රමවේදය කුමක්ද? වාර්ෂිකව යාවත්කාලීන කිරීමේ දී අදාළ පුද්ගලයන් පෞද්ගලික ඉඩම් මිලදී ගෙන ඇත්ද යන්න පරීක්ෂා කිරීම අවශ්‍ය වන්නේ ද?
පසුබිම:
-
විසඳුම:
අදාල වර්ෂය තුළ මියගිය පුද්ගලයින් / ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පදිංචිය හැරගිය පුද්ගලයින් / අනවසර ඉඩම් හෝ නව ඉඩම් බෙදා දී ඇති පුද්ගලයින් / ස්ථීර පදිංචියට විදේශ ගත වූ පුද්ගලයින් ගේ නම් ඉ.කො. 157 ලේඛණයෙන් ඉවත් කිරීමට කටයුතු කල යුතු වේ. එමෙන්ම අදාල පුද්ගලයින් පුද්ගලික ඉඩම් මිලදී ගෙන ඇති බවට ග‍්‍රාම නිලධාරී විසින් වාර්තා කර ඇත්නම් ඔවුන්ගේ නම් ද එම ලේඛනයෙන් ඉවත් කල හැකිය. ලේඛනය යාවත් කාලීන කිරීමේදී නව ඉල්ලුම් කරුවන්ගේ ඉල්ලුම්පත‍්‍ර ලබා ගෙන ඉ.කො.ජ. ගේ 2008/4 හා 2018/3 චක‍්‍රලේඛනයට අනුව කටයුතු කල යුතු වේ.
ඉඩම් කච්චේරි වැඩසටහන යටතේ සුදුස්සන්ගේ නාමලේඛනයේ ලියාපදිංචි වූ අයෙකු පරීක්ෂණය පවත් වන විට මියගොස් ඇත. එවිට පවුලේ වෙනත් අයකුට එම පරීක්ෂණ සඳහා ඉදිරිපත් විය හැකිද? ඉදිරිපත් විය හැකි ක‍්‍රමවේදය කුමක්ද?
පසුබිම:
-
විසඳුම:
ලියාපදිංචි ඉල්ලූම්කරු මියගොස් ඇත්නම් ඔහුගේ / ඇයගේ කලත‍්‍රයා හෝ දරුවෙකු නැතහොත් මියගිය පුද්ගලයාගේ යැපෙන්නන්ගෙන් කෙනෙකු ඉඩම් කච්චේරියට ඉදිරිපත් වුවහොත් හා ඉඩමට අදාළ ව ගැටලු නොමැති නම් ප‍්‍රාදේශීය ලේකම් නිර්දේශ මත පළාත් ඉඩම් කොමසාරිස් ගේ අභිමතය පරිදි ක‍්‍රියා කිරීමට හැකියාව ඇත.
රක්ෂිතවල අනවසරයෙන් පදිංචි පුද්ගලයන්ගේ ඉඩම් නියමානුකූළ කිරීමේ ක‍්‍රියා පිළිවෙළ කුමක්ද?
පසුබිම:
-
විසඳුම:
රක්ෂිත වල පදිංචි ව ඇති පුද්ගලයන් සදහා එම ඉඩම් ස්ථීර පදනමින් නියමානුකූල කිරීමට හැකියාවක් නොමැත. කෙසේ වෙතත් ස්ථීර නිවාස තනා පදිංචිව ඇති අවස්ථාවල රක්ෂිතය අයත් ආයතනයේ එකඟතාවය ලබා ගෙන තාවකාලික පදනමින් වාර්ෂික බලපත‍්‍ර (ඉ.කො.75) ලබා දීමට සලකා බැලිය හැකියි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කණු දමා පිට කරන ලද ඉඩම් වල භුක්තිය භාර දෙන ලෙස දිසා වන නිළධාරී වෙතින් ඉල්ලීම් කරද එය ඉටු නොවීම හේතුවෙන් එම ඉඩම් නියමානුකූළ කිරීමට නොහැකි වී ඇත. මේ සම්බන්ධයෙන් ගත යුතු ක‍්‍රියා මාර්ග පැහැදිලි කරන්න.
පසුබිම:
-
විසඳුම:
මීට අදාළ වූ අන්තර් අමාත්‍යංශ කමිටු නිර්දේශ මත ක‍්‍රියා කල යුතු වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අදාල ඉඩම් වල භුක්තිය ප‍්‍රාදේශීය ලේකම් වෙත බාර දෙන තෙක් එම ඉඩම් වල කටයුතු කිරීමේ හැකියාවක් නොමැත. වන සංරක්ෂණ ජනරාල් මගින් අදාළ ඉඩම් වල භුක්තිය ලබා ගැනීමට කටයුතු කල යුතු වේ. කෙසේ වෙතත් මෙම කටයුතු ප‍්‍රාදේශීය හා දිස්ත‍්‍රික් ඉඩම් පරිහරණ කමිටුවල සාකච්ඡුා කර එක`ගතාවයකින් කටයුතු කිරිම සුදුසුය.
රජයේ ඉඩමක් යැයි සලකා බලපත‍්‍ර ලබා දී ඇතත් පසුව එය රජයේ ඉඩමක් නොවන බව අනාවරණය වීම. ඉඩමේ මුල් හිමිකරු සොයාගත නොහැක.
පසුබිම:
සමහර ඉඩම් කැබලි සඳහා සින්නක්කර ඔප්පු සකස් කර ඇති බැවින් මෙම ඉඩම් සඳහා ද භුක්තියට ඔප්පු ලබා දිය හැකිද යන්න ගැටලූවක් වීම.
විසඳුම:
රජයේ ඉඩමක් නොවන ඉඩමකට බලපත‍්‍ර ලබා දී ඇත්නම් එම බලපත‍්‍ර වල නීත්‍යානුකූල භාවයක් නොමැත. එවැනි අවස්ථාවක් එම බලපත‍්‍ර නිකුත් කර ඇති ඉඩම ගම් පුළුල් කිරීම යටතේ රජයට අත්කර ගෙන නැවත බෙදා දීමක් සිදු කිරීමේ හැකියාව ඇත. එසේ නොමැතිව රජයේ නොවන ඉඩමකට භුක්තියට ඔප්පු ලබා දිය නොහැක.
දෙවන ලෝක යුද්ධ සමයේ රැජිනගේ ආඥාවෙන් රජයට පවරා ගෙන ඇති ඉඩම්වලට පුද්ගලයින් අයිතිය කියා පෑම හා අධිකරණ කටයුතු සඳහා යොමු වීම.
පසුබිම:
මෙම ඉඩම් රජයට පවරා ගත්ත ද රජයේ අයිතිය ලියාපදිංචි වී නොතිබීම හා මිනින්දෝරු දෙපාර්තමේන්තු සිතියම්වල තොරතුරු ඇතුලත් නොවීම.
විසඳුම:
මෙවැනි අවස්ථාවක අදාළ ඉඩම් වල සියලු තොරතුරු ඉ.කො.ජ. මගින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කොට උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩා යෝග්‍ය වේ.
අනවසරයෙන් භුක්ති විඳින රජයේ ඉඩම් වල පුද්ගලයන් වෙත බෙදා දෙන බිම් ප‍්‍රමාණය තීරණය කිරීම හා තෝරා ගන්නා පදනම තීරණය කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු මොනවාද?
පසුබිම:
-
විසඳුම:
මෙහිදි අදාළ පළාත් සභාවේ රජයේ ඉඩම් බෙදා දෙනු ලබන ඒකකය මත බෙදා දෙන බිම් ප‍්‍රමාණය තීරණය කල යුතු වේ. ඉ.කො.ජ. ගේ 2008/4 හා 2018/3 චක‍්‍රලේඛ මගින් වැඩිදුර උපදෙස් ලබා දී ඇත.
ඇළ, දොළ, ගංගා, වැව්, ඔයවල් වල ජල තලය හෝ පතුලේ හෝ ඉවුරේ ඉදිකිරීමක් සිදුකල හැක්කේ කිනම් කාර්යයක් සඳහාද? අනවසර ඉදිකිරීමක් පවතින අවස්ථාවක කටයුතු කල යුතු ආකාරය පැහැදිලි කරන්න.
පසුබිම:
-
විසඳුම:
රජයේ ඉඩම් ආඥා පනත 75 හා 76 වගන්තීන් අදාළ වේ. ජලය හරවා ගැනීමට, කර්මාන්ත හා පාලම් තැනීමට අවසරපත‍්‍ර ලබා ගත යුතු වේ. ජලය හරවා ගැනීමට යම් නිර්මිතයක් ඉදිකිරීමට හෝ ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම වැනි කර්මාන්තයකට ඉදිකිරීමක් සිදු කළ හැක. රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමක දී 1979 රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ එවැනි අනවසර ඉදිකිරීමක් සම්බන්ධව ක‍්‍රියා කිරීමට හැකියාව ඇත.
ඉ.සං.ආ. පනත යටතේ නිකුත් කරන ලද බලපත‍්‍ර ඉඩමකට අනවසරයෙන් ඇතුල්වන අනවසරකරුවකු සම්බන්ධයෙන් ප්රාදේශීය ලේකම්වරයකුට ගත හැකි ක‍්‍රියා මාර්ග මොනවාද? ඊට අදාළ ක‍්‍රමවේද පැහැදිලි කරන්න.
පසුබිම:
-
විසඳුම:
ඉ.සං.ආ. පනතේ 168 (අ) (1), (2) හා (3) වගන්තීන් අදාළ වේ. ඉඩම පිහිටා ඇති බල ප‍්‍රදේශයට අයත් මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් නඩුවක් ගොනු කිරීමට ප‍්‍රාදේශීය ලේකම්වරයා හෝ ඔහු විසින් බලය පැවරූ නිලධාරියකු විසින් සිදුකළ යුතු වේ. මේ සදහා නීතිපති සහාය ද ලබා ගැනීම සුදුසු වේ.
ඉඩම් සංවර්ධන ආඥා පනතේ 3 වන උපලේඛනයේ 1 වන රීතිය යටතේ ගැනෙන ඥාතියෙකු වන අයෙකු හැර අන් අයෙකු අනුප‍්‍රාප්තිකයකු වශයෙන් නම් කළ හැකිද?
පසුබිම:
-
විසඳුම:
ඉ.සං.ආ. පනතේ 51 වන වගන්තිය අනුව ස්වකීය කලත‍්‍රයා හෝ 3 වැනි උපලේඛනයේ 1 වන රීතිය යටතේ ගැනෙන ඥාතියෙකු හැර අන් අයෙකු අනුප‍්‍රාප්තිකයකු වශයෙන් නම් කල නොහැක. එවැනි නම් කිරීමක් කර ඇත්නම් ඒවාද බල රහිත බව සලකා කටයුතු කල යුතුය.
පසු උරුමය නම් කර නැති රජයේ ඉඩමක දීමනාපත‍්‍රකරුගේ ඇවෑමෙන් අයිතිය සාරෝපණය වන්නේ කවුරුන් වෙතද?
පසුබිම:
2022 වර්ෂයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද නව සංශෝධිත පනත අනුව ඒ වන විට ඉඩමේ භුක්තිය දරනු ලබන තුන්වන උපලේඛනගත ඥාතීන්ට ඉඩමේ උරුමය හිමිවේ.
විසඳුම:
2022 වර්ෂයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද නව සංශෝධිත පනත අනුව ඒ වන විට ඉඩමේ භුක්තිය දරනු ලබන තුන්වන උපලේඛනගත ඥාතීන්ට ඉඩමේ උරුමය හිමිවේ.